මෙම ආහාස් රජු තමාට විපත පැමිණි කාලයේ දී තව තවත් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කෙළේ ය.
යෙරෙමියා 2:25 - Sinhala New Revised Version 2018 එම්බා ඉශ්රායෙලය! නුඹේ පාදවල වහන් නැති වෙන්නට වත්, නුඹේ උගුර පිපාසයෙන් වේළෙන්නට වත්, ඉඩ නොදෙන්න. එහෙත්, නුඹ, ‘එය නිෂ්ඵල ය, එසේ නොව මම අමුත්තන්ට ආලය කෙළෙමි, ඔවුන් පසුපස්සේ යමි’යි කියන්නෙහි ය.” Sinhala New Revised Version එම්බා ඉශ්රායෙලය! නුඹේ පාදවල වහන් නැති වෙන්නට වත්, නුඹේ උගුර පිපාසයෙන් වේළෙන්නට වත්, ඉඩ නොදෙන්න. එහෙත්, නුඹ, ‘එය නිෂ්ඵල ය, එසේ නොව මම අමුත්තන්ට ආලය කෙළෙමි, ඔවුන් පසුපස්සේ යමි’යි කියන්නෙහි ය.” Sinhala Revised Old Version වහන් නැතුව නොතිබෙන හැටියට නුඹේ පාදද පිපාස නොවන හැටියට නුඹේ උගුරද ආරක්ෂාකර ගන්න. නුමුත් නුඹ: ඒක නිෂ්ඵලය, එසේ නොව මම අන්‍යයන්ට ආදරේවීමි, ඔවුන් පස්සේද යන්නෙමියි කීවෙහිය. |
මෙම ආහාස් රජු තමාට විපත පැමිණි කාලයේ දී තව තවත් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කෙළේ ය.
තමාට පහර දුන් දමස්කයේ දෙවිවරුන්ට ඔහු පූජා කොට, “සිරියාවේ රජුන්ගේ දෙවිවරුන් ඔවුන්ට පිහිට වන බැවින්, ඔවුන් මටත් පිහිට වන පිණිස මම ඔවුන්ට පූජා කරමි”යි කී ය. එහෙත්, ඒ දෙවිවරු ඔහුගේ ද මුළු ඉශ්රායෙල් සෙනඟගේ ද විනාශයට හේතු වූ හ.
සමිඳුනි, ඔබ තුමාණෝ ජාකොබ්ගේ වංශය වන තමන් සෙනඟ අත්හළ සේක. මන්ද, පෙරදිගින් පැමිණි යන්ත්‍ර මන්ත්‍රකාරයන්ගෙන් ද පිලිස්තිවරුන් මෙන් පේන කියන්නන්ගෙන් ද දේශය පිරී ඇත. සෙනඟ විදේශීන් සමඟ අත්වැල් බැඳගෙන සිටිති.
අන් දෙවිවරුන් සොයාගැනීමටත් නුඹලා වෙහෙස වන්නහු ය. එහෙත්, නුඹලාගේ සෙවීම අත්නාරින්නහු ය. නුඹලා නව පණක් ලබාගත් බැවින් නුඹලා දුර්වල නොවන්නහු යයි සිතන්නහු ය.
ඔබේ මිතුරෝ යයි ඔබ සිතූ සෙනඟ, ඔබේ නායකයන් වශයෙන් පත් කරනු ලැබූ විට ඔබ කුමක් කියන්නහු ද? විළිරුජාවෙන් පෙළෙන ස්ත්‍රියක සේ වේදනාවෙන් ඔබ පෙළෙන්නේ නැද් ද?
ඔබට මෙසේ සිදු වන්නේ මන්දැ යි, ඔබේ ඇඳුම් ගලවාදැමූ විට ඔබට නින්දාවක් නැත්තේ මන්දැ යි ඔබ මෙනෙහි කර බැලූ විට ඔබේ අපරාධ ඉමහත් නිසා යයි ඔබට පෙනී යනු ඇත.
මේ සෙනඟ ගැන සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඔවුන් තමන්ගේ පාද හසුරුවා නොගෙන මුළා වී යන්න මෙපමණ ප්‍රිය වූ බැවින් මම ඔවුන් කෙරෙහි අප්‍රසන්න ව සිටිමි. මම ඔවුන්ගේ අපරාධ සිහි කොට ඔවුන්ගේ පාපවලට දඬුවම් කරන්නෙමි.”
එහෙත් ඔවුන්, ‘එයින් වැඩක් නැත; අපේ ම අභිප්‍රායයන් ලෙස අපි හැසිරෙමු, අපි එකිනෙකා අපේ නපුරු සිත්වල මුරණ්ඩුකම ලෙස ක්‍රියා කරන්නෙමු’යි පිළිතුරු දෙනු ඇත.
මුළු ඉශ්රායෙල් ජනයෙනි, මා නුඹලාට කියන මේ දේට සවන් දෙන්න. මම ඉශ්රායෙල්වරුන්ට කාන්තාරයක් නොහොත් අන්ධකාර දේශයක් මෙන් වූයෙම් ද? එසේ නොවේ නම්, ‘අප නිදහස් ව ඇත; අපි ඔබ වෙත නොපැමිණෙන්නෙමු’යි මාගේ සෙනඟ කියන්නේ මන් ද?
ජෙරුසලමේ ජනයෙනි, ඔබේ සියලු ම පෙම්වතුන් පරාජය වී සිටින නිසා ලෙබනොන් කන්දට නැඟී ගොස් මොරගසන්න. බාෂාන් දේශයට ගොස් හඬන්න; අබාරිම් කඳු වැටියෙන් මොරහඬ දෙන්න.
ඔබ යෙහෙන් සුවෙන් සිටිය දී සමිඳාණන් වහන්සේ ඔබට කතා කළ සේක. එහෙත්, ඔබ සවන් දුන්නේ නැත. උන් වහන්සේගේ හඬට කීකරු නොවීම යොවුන් වියේ සිට ම ඔබේ පුරුද්දකි.
වරද කළ නුඹ නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගැසූ බව පිළිගන්න. මාගේ හඬට කීකරු නොවී, හැම අතුපතර ඇති ගස් යට විදේශීය දෙවිවරුන්ට නුඹේ ආදරය දුන් බව පිළිගන්න. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.
අප ගත් තීරණය ලෙස ම, අප ද අපේ පියවරුන් ද අපේ රජවරුන් ද අපේ අධිපතීන් ද ජුදා නගරවලත්, ජෙරුසලමේ වීදිවලත් කළාක් මෙන්, අපි ‘අහස් රැජින’ නම් දේවතාවියට සුවඳ දුම් ඔප්පු කොට, ඈට පානීය පූජාවන් පුද කරන්නෙමු. මන්ද, ඒ කාලයේ අපි ආහාර බහුල ව ලබාගත්තෙමු. කිසි විපතක් නැති ව සැපසේ සිටියෙමු.
ඈ රාත්‍රියෙහි අතිශයෙන් වැලපෙයි. කඳුළු ඇගේ දෙකපොල දිගේ ගලා යයි, ඇගේ පෙම්වතුන් අතර ඇය සනසන්නට කිසිවෙක් නැත. ඇගේ සියලු මිතුරෝ ද්‍රෝහිකම් කර, ඇගේ සතුරන් වී සිටිති.
කිරි දරුවාගේ දිව පිපාසය නිසා තල්ලේ ඇලෙයි. කුඩා දරුවෝ කෑම ඉල්ලති, කිසිවෙක් ඔවුන්ට කෑම නොදෙති.
‘අපි විජාතීන් මෙන් ද රටවල ගෝත්‍ර මෙන් ද ලීවලටත්, ගල්වලටත් නමස්කාර කරමු’යි නුඹලාගේ සිත්හි ඇති අදහස කිසි කලක ඉටු වන්නේ ම නැත.” ‘
එසේ නොකළොත් මම ඇය නිරුවත් කරමි; උපන් දා මෙන් නග්න කරමි. නිසරු මරුකතරක් මෙන් ද වියළුණු පාළුකරයක් මෙන් ද වෙන්නට සලස්වන්නෙමි. ඇය පිපාසයෙන් නසන්නෙමි.
ඔවුන්ගේ මව වෙසඟනකි; ඔවුන් වැදූ තැනැත්තී විලිබිය නැත්තියකි. ඈ මෙසේ කියයි: ‘මාගේ පෙම්වතුන් පසුපස මම යමි; ඔව්හු මට කෑම හා බීම ද ලොම් හා හණ ද මාගේ තෙල් හා පානය ද දෙති.’
‘දෙවියන් වහන්සේට සේවය කිරීම නිෂ්ඵල ය. උන් වහන්සේගේ ආඥා ඉටු කිරීමෙන් වත්, කණගාටුවෙන් සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හැසිරීමෙන් වත් වැඩක් ඇද් ද?
එහෙත් පියා සිය මෙහෙකරුවන් කැඳවා, ‘වහා හොඳ ම සළුව ගෙනැවිත් මොහුට අඳවන්න; මොහුගේ ඇඟිල්ලෙහි මුදුවක් පළඳවා පාදවල වහන් ද දමන්න;
මොරගසා, ‘ආබ්‍රහම් පිය තුමෙනි, මට කරුණා කොට, තම ඇඟිලි තුඩ දියේ ගල්වා, මාගේ දිව තෙමාලන පිණිස ලාසරස් එවනු මැනව: මන්ද, මම මේ ගිනි ජාලාවෙහි දහ දුක් විඳිමි’යි කී ය.
අප ගැළවීම ලබාගත්තේ බලාපොරොත්තුව කරණකොටගෙන ය. පෙනෙන දේ ගැන බලාපොරොත්තුව, බලාපොරොත්තුවක් නොවේ. පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ කුමට ද?
උන් වහන්සේ ඔබට විරුද්ධ ව එවන සතුරන්ට සාපිපාසයෙන් ද කයට වතක් නැති ව ද අගහිඟකමින් ද ඔබ සේවය කරන්නහු ය. ඔබ වැනසී යන තෙක් ඔව්හු ඔබේ කරපිට දරුණු වියගසක් තබන්නෝ ය.
අන් දෙවිදේවතාවන්ට වැඳ පුදා, නුරුස්සන ලෙස උන් වහන්සේ පෙළඹවූහ. පිළිකුල් ක්‍රියා කොට, එතුමන් උදහස් කළහ.