යෙරෙමියා 19:11 - Sinhala New Revised Version 2018 “සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්නැ”යි මට වදාළ සේක. “මේ කුම්භකාරයාට මැටි බඳුන පිළියම් කරන්නට බැරි විදියට නුඹ එය බිඳින පරිදි මම මේ නගරයෙහි සිටින සෙනඟ සිඳබිඳ දමමි. වළලන්නට ඉඩක් නැති නිසා ඔවුන් තෝපෙත්හි මළමිනී වළලනු ඇත. Sinhala New Revised Version “සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්නැ”යි මට වදාළ සේක. “මේ කුම්භකාරයාට මැටි බඳුන පිළියම් කරන්නට බැරි විදියට නුඹ එය බිඳින පරිදි මම මේ නගරයෙහි සිටින සෙනඟ සිඳබිඳ දමමි. වළලන්නට ඉඩක් නැති නිසා ඔවුන් තෝපෙත්හි මළමිනී වළලනු ඇත. Sinhala Revised Old Version සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නැවත හරිගස්සන්ට බැරිලෙස කුම්භකාරයාගේ භාජනය බිඳදමන්නාක්මෙන්ම මම මේ සෙනඟත් මේ නුවරත් බිඳදමන්නෙමි. වළලන්ට ඉඩක් නැතිවෙන තුරු තෝපෙත්හි මිනී වළලනු ලැබේ. |
එබැවින් ඔහුගේ නැස්පැත්තිය හදිසියෙන් එයි, ගැළවීමට මඟක් නැති ව, මොහොතකින් ඔහු සුණු වී යයි.
නුඹලා ලිපකින් ගිනි අඟුරු ගන්න වත්, පොකුණකින් වතුර බිඳක් ගන්න වත් සෑහෙන තරමට කැබැල්ලක් ඉතිරි නොවන ලෙස පොඩිකරන ලද මැටි භාජනයක් හා සමාන ය.”
ඉන්පසු මම ඔවුන්ගේ පියවරුන් ද පුත්‍රයන් ද සියලු සෙනඟ ද එකිනෙකා ඝට්ටනය කොට විනාශ කරන්නෙමි. ඔවුන් විනාශ නොවන හැටියට මා ඔවුන්ට දයා වන්නේ වත්, කරුණා කරන්නේ වත්, අනුකම්පා කරන්නේ වත් නැත.”
ඒ නිසා, මේ ස්ථානයට තෝපෙත් කියා වත්, බෙන්-හින්නොම් මිටියාවත කියා වත් නොකියා, ඝාතන මිටියාවත කියා කියන කාලය පැමිණෙන්නේ යයි ස්වාමීන් වන මම කියන්නෙමි.
“නායකයෙනි, කෑ මොරගසන්න; සෙනඟගේ ප්‍රධානියෙනි, අළුවල පෙරළී හඬන්න. මාරක විපත් කාලය ද විසිර යෑමේ කාලය ද ළඟා වී ඇත. තෝරාගත් බැටළුවන් මෙන් නුඹලා ඝාතනය කරනු ලබන්නහු ය.
මෝවබ්හි සියලු පියසි උඩ ද එහි සියලු චතුරශ්‍රවල ද ඇසෙන්නේ වැලපීම පමණකි. මන්ද, කිසිවෙකුට වුවමනා නැති භාජනයක් පොඩි කරන්නාක් මෙන් මා මෝවබ් පොඩි කරදමා ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
අගනා රන් මෙන් වටිනා සියොන්හි තරුණයන් කුම්භකාරයාගේ අත්වලින් සාදන ලද භාජන මෙන් සලකනු ලබන හැටි!
ඔහු පාවුලුගේ ඉඟපටිය රැගෙන එයින් තමාගේ ම අත් පා බැඳ ගෙන, “ජුදෙව්වරුන් මේ ඉඟපටිය අයිති මිනිසා ජෙරුසලමේ දී මේ ආකාරයෙන් බැඳ විජාතීන්ගේ අත්වලට පාවා දෙති යි ශුද්ධාත්මයාණන් වහන්සේ කියන සේකැ”යි පැවසී ය.