Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 19:11 - Sinhala Revised Old Version

11 සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නැවත හරිගස්සන්ට බැරිලෙස කුම්භකාරයාගේ භාජනය බිඳදමන්නාක්මෙන්ම මම මේ සෙනඟත් මේ නුවරත් බිඳදමන්නෙමි. වළලන්ට ඉඩක් නැතිවෙන තුරු තෝපෙත්හි මිනී වළලනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 “සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්නැ”යි මට වදාළ සේක. “මේ කුම්භකාරයාට මැටි බඳුන පිළියම් කරන්නට බැරි විදියට නුඹ එය බිඳින පරිදි මම මේ නගරයෙහි සිටින සෙනඟ සිඳබිඳ දමමි. වළලන්නට ඉඩක් නැති නිසා ඔවුන් තෝපෙත්හි මළමිනී වළලනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 “සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්නැ”යි මට වදාළ සේක. “මේ කුම්භකාරයාට මැටි බඳුන පිළියම් කරන්නට බැරි විදියට නුඹ එය බිඳින පරිදි මම මේ නගරයෙහි සිටින සෙනඟ සිඳබිඳ දමමි. වළලන්නට ඉඩක් නැති නිසා ඔවුන් තෝපෙත්හි මළමිනී වළලනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 19:11
13 හුවමාරු යොමු  

නුඹ ඔවුන් යදණ්ඩකින් බිඳ, කුඹලෙකුගේ භාජනයක් මෙන් ඔවුන් සුණුකරන්නෙහියයි කීසේක.


ලිපෙන් ගින්දර ගන්ටවත් පොකුණෙන් වතුර ගන්ටවත් කබලක් සම්බ නොවන ලෙස, ඉතුරු නොකර පොඩිකරන කුම්භකාරයෙකුගේ භාජනයක් බිඳින්නාක්මෙන් උන්වහන්සේ ඒක බිඳිනසේක.


රනට සමානවූ සියොන්හි උතුම් පුත්‍රයන් කුම්භකාරයාගේ අත්වල වැඩ වන මැටි භාජන මෙන් සලකනු ලබන හැටි!


කුම්භකාරයාගේ භාජන බිඳ සුණුකරනු ලබන්නාක්මෙන් ඔහු ඔවුන් යදණ්ඩකින් ආණ්ඩුකරන්නේය.


මනුෂ්‍යයෙකු හා ඔහුගේ සහෝදරයාද පියවරුන් හා පුත්‍රයන්ද එකට ගසන්නෙමි; ඔවුන් විනාශ නොකරන හැටියට මා දයාවෙන්නේවත් කරුණාකරන්නේවත් අනුකම්පාකරන්නේවත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


එබැවින් මේ ස්ථානයට තෝපෙත්ය කියාවත් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතය කියාවත් තවත් නොකියා, මැරීමේ මිටියාවතය කියන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


අප වෙතට පැමිණ පාවුල්ගේ ඉඟපටිය රැගෙන තමාගේම අත්පා බැඳගන: යුදෙව්වරු මේ ඉඟපටිය අයිතිවූ මනුෂ්‍යයා යෙරුසලමේදී මේ ආකාරයෙන් බැඳ අන්‍යජාතීන්ගේ අත්වලට පාවාදෙන්නෝයයි ශුද්ධාත්මයාණන්වහන්සේ කියනසේකැයි කීවේය.


එබැවින් ඔහුගේ විනාශය හදිසියෙන් පැමිණෙයි; ගැළවීමක් නැතුව ඔහු මොහොතකින් පොඩිකරනු ලබයි.


මම මේ ස්ථානයටත් මෙහි වැසියන්ටත් එසේකොට, මේ නුවර තෝපෙත් මෙන් කරන්නෙමි.


මෝවබ්හි සියලු පියසි උඩද එහි සියලු වීථිවලද වැලපීම ඇත්තේය. මක්නිසාද අප්‍රියවූ භාජනයක් මෙන් මෝවබ් බිඳදැමුවෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


තවද නුඹ මේ පොත කියවා නිමවූ විට ඊට ගලක් බැඳ ප්‍රාත් ගංගාව මැදට හෙළා: මෙසේම බබිලෝනිය කිඳී,


එඬේරුනි, කෑමොරගසා හඬන්න; රැළේ ප්‍රධානියෙනි, අලුවල පෙරළී ඉඳින්න. මක්නිසාද මැරුම්කෑමට නුඹලාගේ දවස් සම්පූර්ණවී තිබේ; මම නුඹලා කැබලිකොට බිඳින්නෙමි. නුඹලාද අනර්ඝ භාජනයක් මෙන් වැටෙනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්