යෙරෙමියා 18:8 - Sinhala New Revised Version 2018 ඒ ජාතිය තමන්ගේ අදමිටුකමින් හැරුණොත්, මා එයට කරන්නට අදහස් කළ විපත ගැන මාගේ සිත වෙනස් කරගන්නෙමි. Sinhala New Revised Version ඒ ජාතිය තමන්ගේ අදමිටුකමින් හැරුණොත්, මා එයට කරන්නට අදහස් කළ විපත ගැන මාගේ සිත වෙනස් කරගන්නෙමි. Sinhala Revised Old Version මා විසින් එසේ කථාකළ ඒ ජාතිය තමුන්ගේ නපුරුකමෙන් අහක් වුණොත්, මම ඔවුන්ට පමුණුවන්ට සිතූ විපත්තිය ගැන පසුතැවිලිවන්නෙමි. |
මන්ද, සමිඳාණෝ තමන් සෙනඟට යුක්තිය ඉටුකර දෙන සේක. ස්වකීය මෙහෙකරුවන්ට අනුකම්පා කරන සේක.
සමිඳුනි, මෙපමණ දිගු කලක් ඈත් වී නොසිට ඔබ අප වෙත පෙරළා පැමිණිය මැනව. ඔබේ දාසයන්ට අනුකම්පා කළ මැනව.
‘දෙවියන් වහන්සේ ඔවුන් පිටතට ගෙනාවේ දුෂ්ට අදහසකින්, කඳුකරයේ ඔවුන් මරාදමා, මිහි පිටින් ඔවුන් තුරන් කිරීමට ය’යි කීමට මිසර වාසීන්ට ඔබ ඉඩ තබන්නේ මන් ද? ඔබ මේ ඇවිලෙන කෝපාග්නිය නිවාගෙන ඔබේ සෙනඟට විරුද්ධ ව කරන්න යන මේ නපුර ගැන සිත වෙනස් කරගනු මැනව.
ඔව්හු මාගේ සෙනඟට බාල් දෙවියා ගැන දිවුරන්නට ඉගැන්වූ පරිදි, මාගේ සෙනඟගේ දහම් මඟ මුළු සිතින් පිළිගෙන, ‘ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ය’ කියා මාගේ නමින් දිවුරන්නට ඉගෙනගන්නෝ නම්, ඔව්හු ද මාගේ සෙනඟගේ කොටසක් වී සමෘද්ධිමත් වන්නෝ ය.
නුඹලා මා ප්‍රතික්ෂේප කර මට පිටුපා ගොස් ඇත. මෙසේ කියන්නේ ස්වාමීන් වන මම ය. ලතැවීමෙන් මා වෙහෙසට පත් වී සිටින බැවින් මම මාගේ අත නුඹලාට විරුද්ධ ව ඔසවා නුඹලා විනාශ කෙළෙමි.
එබැවින් දැන් ඔබ හැමගේ හැසිරීම හා ක්‍රියා කලාපය හැඩගස්වාගෙන ඔබේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු වන්න. එවිට සමිඳාණන් වහන්සේ ඔබට විරුද්ධ ව ප්‍රකාශ කර තිබෙන විපත්ති ගැන සිය උදහස වෙනස් කරගන්න සේක.
එහෙත්, ජුදාවේ රජු වූ හෙසකියා සහ සියලු ජුදාවරු ඔහු මැරුවෝ ද? ඒ වෙනුවට හෙසකියා සමිඳාණන් වහන්සේට බිය වී උන් වහන්සේට කන්නලව් කෙළේ නැද් ද? සමිඳාණන් වහන්සේ ද ඔවුන්ට විරුද්ධ ව ප්‍රකාශ කළ විපත ගැන සිය අදහස් වෙනස් කළ සේක. දැන් අප, අප පිට ම දරුණු විපතක් පමුණුවාගන්නට ළඟ ය.
සමහර විට ඔවුන් එය අසා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනු ඇත. එවිට මම ඔවුන්ගේ නපුරු ක්‍රියා නිසා ඔවුන්ට පමුණුවන්නට අදහස් කළ විපත්ති ගැන මාගේ සිත වෙනස් කරගන්නෙමි.
මා ජුදා වංශයට කරන්නට අදහස් කරන සියලු විපත්ති ගැන සමහර විට ඔවුන් අසා, ඔවුන්ගේ නපුරු මාර්ගයෙන් හැරෙනු ඇත. එවිට මම ඔවුන්ගේ අපරාධයත්, පාපයත් කමා කරන්නෙමි.”
‘නුඹලා මේ දේශයේ ම සිටින්නට කැමැත්තහු නම්, මම නුඹලා නොවනසා පිහිටුවන්නෙමි. නුඹලා උදුරා නොදමා හිටවන්නෙමි. මන්ද, මා නුඹලාට පැමිණෙවූ විපත්ති ගැන කණගාටු වෙමි.
“එහෙත් දුෂ්ටයා තමා කළ සියලු පාපවලින් හැරී, මාගේ සියලු පනත් පවත්වමින් නීති ගරුක ව ද අවංක ව ද සිටියොත්, ඔහු සැබැවින් ම නොනැසී ජීවත් වන්නේ ය.
මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි: ‘දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත්වනවාට මිස, ඔහු නසිනවාට මම ප්‍රසන්න නොවෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. ඉශ්රායෙල් ජනයෙනි, හැරෙන්න, නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරෙන්න; නුඹලා නසින්නේ කුමට දැ’යි ඔවුන්ට කියන්න.
“දැහැමි මිනිසෙකු පව් කළ විට ඔහුගේ පෙර දැහැමි ක්‍රියා ඔහුට ගැළවීම අත්කර නොදෙයි. දුෂ්ට මිනිසෙකු සිය දුෂ්ටකමෙන් හැරුණොත්, ඔහුගේ පසුගිය දුෂ්ටකම් නිසා ඔහු නසින්නේ නැත. දැහැමි මිනිසෙකු පව් කළ විට ඔහුගේ දැහැමිකම නිසා ගැළවීම ලබන්න ඔහුට පුළුවන් වන්නේ නැත.
නුඹ සැබැවින් ජීවත් වන්නෙහි යයි මා දැහැමි මිනිසාට කී නමුත්, ඔහු තමාගේ දැහැමිකම කෙරෙහි විශ්වාසය තබමින් අපරාධ කළොත්, ඔහුගේ දැහැමි ක්‍රියා කිසිවක් සිහි කරනු නොලබන්නේ ය; ඔහු කළ අපරාධ නිසා ඔහු නසිනු ඇත.
නුඹ නසිනු ඇතැ යි මා දුෂ්ටයාට කී නමුත්, ඔහු තමාගේ පාපයෙන් හැරී යුක්තිය ද දැහැමි ක්‍රියා ද කළොත්,
“එප්‍රායිම් ජනයෙනි, මම කෙසේ ඔබ පාවා දෙන්නෙම් ද? ඉශ්රායෙල්, ඔබ කෙසේ අත්හරිම් ද? මා අද්මා නුවරට කළාක් මෙන් මට ඔබටත් කළ හැකි ද? ශෙබොයිම් නුවරට කළාක් මෙන් ඔබටත් කළ හැකි ද? එසේ කරන්නට මාගේ සිත ඉඩ නොදෙයි. ඒ ගැන සිතන විට මාගේ සිත කම්පා වෙයි.
නපුරට ද්වේෂ කරන්න, යහපතට ප්‍රිය කරන්න, උසාවිය මඟින් යුක්තිය ඉටු කරවන්න. සමහරවිට, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මේ රටේ ඉතිරි ව සිටින ජනයාට කරුණා කරනු ඇත.
ඔහු සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය: “අහෝ සමිඳුනි, මාගේ රටේ මා සිටිය දී, මා කීවේ මෙය ම නොවේ ද? තර්ෂිෂ්ට පලා යන්නට මා ඉක්මන් වූයේ එබැවිනි. මන්ද, ඔබ දයාවන්ත, අනුකම්පා සහගත, වහා නොකිපෙන සුලු, ඉතා කරුණාවන්ත, විපත්ති පැමිණ වීමට නොකැමැති දෙවි කෙනෙකු බව මම දැනගෙන සිටියෙමි.
තම ජනයාගේ බලය නැති වූ බව, දාසයා ද නිර්දාසයා ද නැති බව, සමිඳාණෝ දැක; සිය සෙනඟට යුක්තිය ඉටු කරන සේක; ඔවුන්ට අනුකම්පා කරන සේක.
සමිඳාණන් වහන්සේ ඔවුන්ට වීර නායකයන් පත් කර දුන් විට උන් වහන්සේ වීර නායකයන් සමඟ සිට, ඔවුන්ගේ මුළු ජීවිත කාලය තුළ ඉශ්රායෙල්වරුන් සතුරන්ගේ අතින් ගැළෙවු සේක. ඔවුන්ට පීඩා කළාවූ ද ඔවුන් පොඩි කළාවූ ද අය කරණකොටගෙන හටගත් ඔවුන්ගේ කෙඳිරිගෑම නිසා සමිඳාණන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කළ සේක.