මැවුම්කරුන් සමඟ වාද කරන්නාට වන විපතක මහත! කුඹල්කරුවා සමඟ බඳුන වාද කරයි ද? නුඹ කරන්නේ කුමක් ද කියමින්, මැටි පිඬ එය අඹන්නාගෙන් විමසමින් පොරට සිට ඔහුගේ දස්කම ගැන චෝදනා කරයි ද?
යෙරෙමියා 18:4 - Sinhala New Revised Version 2018 යම්කිසි විටක ඔහු අඹමින් සිටි මැටි බඳුනක් නරක් වූ කල, ඔහු යළිත් ඒ මැටි ගෙන එයින් වෙන බඳුනක් තමා රිසි සේ සෑදුවේ ය. Sinhala New Revised Version යම්කිසි විටක ඔහු අඹමින් සිටි මැටි බඳුනක් නරක් වූ කල, ඔහු යළිත් ඒ මැටි ගෙන එයින් වෙන බඳුනක් තමා රිසි සේ සෑදුවේ ය. Sinhala Revised Old Version ඔහු සෑදූ මැටිභාජනය කුම්භකාරයාගේ අතේ නරක්වූ කල, නැවත ඒක සාදන්ට කුම්භකාරයාට හොඳව පෙනුණු ලෙස, ඔහු එයින් වෙන භාජනයක් සෑදුවේය. |
මැවුම්කරුන් සමඟ වාද කරන්නාට වන විපතක මහත! කුඹල්කරුවා සමඟ බඳුන වාද කරයි ද? නුඹ කරන්නේ කුමක් ද කියමින්, මැටි පිඬ එය අඹන්නාගෙන් විමසමින් පොරට සිට ඔහුගේ දස්කම ගැන චෝදනා කරයි ද?
“එම්බා ඉශ්රායෙල් ජනයෙනි, මේ කුම්භකාරයා කරන ලෙස නුඹලාට කරන්නට මටත් බැරි ද? මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය. ඉශ්රායෙල් ජනයෙනි, කුම්භකාරයාගේ අතේ තිබෙන මැටි පිඬක් මෙන් නුඹලා මාගේ අතේ සිටින්නහු ය.