Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 18:4 - Sinhala Revised Old Version

4 ඔහු සෑදූ මැටිභාජනය කුම්භකාරයාගේ අතේ නරක්වූ කල, නැවත ඒක සාදන්ට කුම්භකාරයාට හොඳව පෙනුණු ලෙස, ඔහු එයින් වෙන භාජනයක් සෑදුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 යම්කිසි විටක ඔහු අඹමින් සිටි මැටි බඳුනක් නරක් වූ කල, ඔහු යළිත් ඒ මැටි ගෙන එයින් වෙන බඳුනක් තමා රිසි සේ සෑදුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 යම්කිසි විටක ඔහු අඹමින් සිටි මැටි බඳුනක් නරක් වූ කල, ඔහු යළිත් ඒ මැටි ගෙන එයින් වෙන බඳුනක් තමා රිසි සේ සෑදුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 18:4
5 හුවමාරු යොමු  

එම්බා ඉශ්‍රායෙල් වංශය, මේ කුම්භකාරයා කරන ලෙස නුඹලාට කරන්ට මට බැරිදැයි ස්වාමීන්වහන්සේ කියනසේක. එම්බා ඉශ්‍රායෙල් වංශය, කුම්භකාරයාගේ අතෙහි තිබෙන මැටි මෙන් නුඹලා මාගේ අතෙහි සිටින්නහුය.


තමාගේ මැවුම්කාරයා හා සමඟ පොරට සිටින්නාට දුක්වේ! මැටි කැබිලිති අතරේවූ කැබිලිත්තක හැටි! නුඹ හදන්නේ මොකක්ද කියා මැටි ඒවා අඹන්නාට කියන්ටවත් නුඹ හැදූ දෙය විසින්: ඔහුට අත් නැතැයි කියන්ටවත් යුතුද?


එකල මම කුම්භකාරයාගේ ගෙට ගියෙමි, බලව, ඔහු සකපෝරුවෙන් වැඩකරමින් සිටියේය.


එකල ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ මෙසේ වදාළේය:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්