දැහැමියා සිය දිවි මඟෙහි ස්ථිර ව වෙසෙයි; සුපිරිසිදු අත් ඇති තැනැත්තේ වඩ වඩා ශක්තිමත් වෙයි.
ගීතාවලිය 84:7 - Sinhala New Revised Version 2018 ඔව්හු වැඩි වැඩියෙන් ශක්තිමත් වන්නෝ ය; සියොන් කන්දෙහි වැඩ සිටින දේවාතිදෙවිඳුන් දකින්නෝ ය. Sinhala New Revised Version ඔව්හු වැඩි වැඩියෙන් ශක්තිමත් වන්නෝ ය; සියොන් කන්දෙහි වැඩ සිටින දේවාතිදෙවිඳුන් දකින්නෝ ය. Sinhala Revised Old Version ඔව්හු බලයෙන් බලයට යෙති, දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියොන්හිදී එකිනෙකා පෙනී සිටිති. |
දැහැමියා සිය දිවි මඟෙහි ස්ථිර ව වෙසෙයි; සුපිරිසිදු අත් ඇති තැනැත්තේ වඩ වඩා ශක්තිමත් වෙයි.
දෙවියන් වහන්සේ කෙරෙහි, ජීවමාන දෙවිඳුන් කෙරෙහි, මාගේ සිත පිපාසා වන්නේ ය. මම කවදා අවුත් දෙවිඳුන් ඉදිරියේ පෙනී සිටිම් ද?
ඔබේ ආලෝකය හා සත්‍යය මට දුන මැනව; ඒවායින් මට මඟපෙන්වීම ලැබී, ඔබේ ශුද්ධ සියොන් පව්වට ආපසු ගොස්, ඔබේ වාසභවනය වන දෙව් මැදුරට පිවිසීමට මට ලැබේවා.
එහෙත් දැහැමියන්ගේ මාවත උදේ පායන හිරු මෙන් ය, එය මද්දහනය දක්වා දීප්තියෙන් වැඩි වේගෙන යයි.
එහෙත්, සමිඳුන් සරණ යන්නෝ සිය සවිය අලුත් කරගන්නෝ ය; රාජාලීන් මෙන් පියාපත් විදහා යන්නෝ ය; ඔව්හු දුවන්නෝ ය; එහෙත්, වෙහෙස නොවන්නෝ ය; ඇවිදින්නෝ ය; එහෙත්, ක්ලාන්ත නොවන්නෝ ය.
ගැළවීමේ දවස මම ළඟා කරන්නෙමි. එය වැඩිදුර නොවේ; මාගේ ජය ප්‍රමාද නොවේ. මම ජෙරුසලමට ගැළවීම ගෙන දී මාගේ ගෞරවය ඉශ්රායෙල්වරුන්ට පවරන්නෙමි.”
මම නිතර ම නුඹලාට මඟපෙන්වා, යහපත් දෙයින් තෘප්තියට පමුණුවා සනීප ශක්තිය නුඹලාට ගෙන දෙන්නෙමි. නුඹලා ජලයෙන් සාරවත් උයනක් මෙන් ද දිය නොසිඳී යන උල්පතක් මෙන් ද වන්නහු ය.
මන්ද, ‘නැඟිටින්න, සියොන් කන්දට අපේ දෙවි ස්වාමීන් වහන්සේ වෙත නැඟී යමු’යි එප්‍රායිම් කඳුවල රැකවලුන් හඬ නඟන දවසක් පැමිණෙන්නේ ය.”
“මම ඔවුන්ට ආශීර්වාද කර, මාගේ ශුද්ධ කන්ද අවට විසීමට සලසාදෙන්නෙමි. වැස්ස නියම කාලයට වස්වන්නෙමි. ඒවා ආසිරි වැසි වන්නේ ය.
ජෙරුසලමට විරුද්ධ ව සටන් කරන සියලු ජාතීන්ගෙන් ඉතිරි ව සිටින සියලු දෙනා සියලු බලැති දෙවියන් වහන්සේට රාජයාණන් වශයෙන් ම නමස්කාර කරන පිණිසත්, කූඩාරම් මංගල්‍යය පවත්වන පිණිසත් වසරක් පාසා වසරක් ජෙරුසලමට පැමිණෙන්නෝ ය.
එහි ම කියා ඇති පරිදි කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ පූජා කරන පිණිසත් ය.
මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කළ විට, මා සිටින තැන ඔබත් සිටින පිණිස ඔබ කැඳවාගෙන යාමට මම නැවත එන්නෙමි.
උන් වහන්සේ, මා තුළ ඇති, පල නොදරන සියලු අතු කපා හරින සේක. පල දරන සියලු අතු, වඩා පල දරන පිණිස පාහින සේක.
මා එවා වදාළ උන් වහන්සේගේ කැමැත්ත නම්, උන් වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක් කෙනෙකු වත් නැති වන්නට නෑර, සියල්ලන් ම අන්තිම දවසේ දී මා විසින් උත්ථාන කරනු ලැබීම ය.
අපි සියල්ලෝ, වැස්ම ඉවත ලූ මුහුණුවලින් සමිඳාණන් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් පිළිබිඹු කරමු. මෙලෙස ආත්මයාණන් වන සමිඳාණන් වහන්සේගෙන් එන තේජස, අප උන් වහන්සේගේ සමානත්වයට වඩ වඩා තේජාන්විත ව පමුණුවනු ඇත.
“දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී අවුරුද්දකට තුන්වරක් ඔබේ සියලු පිරිමින් උන් වහන්සේ ඉදිරියට විත් පෙනී සිටිය යුතු ය. ඒ තුන් වාරය නම් නුමුහුන් පූප මංගල්‍යය, අස්වැන්න මංගල්‍යය සහ කූඩාරම් මංගල්‍යය වේ. තවද උන් වහන්සේ ඉදිරියෙහි හිස් අතින් පෙනී නොසිටිය යුතු ය.
එවිට ජීවතුන් අතර සිටින අපි, ඔවුන් සමඟ සමිඳාණන් වහන්සේ හමු වන පිණිස, වලාකුළුවලින් අහසට ඔසවාගනු ලබන්නෙමු. මෙසේ අපි නිතර ම සමිඳාණන් වහන්සේ සමඟ සිටින්නෙමු.
අපගේ ස්වාමීන් ද ගැළවුම්කාරයාණන් ද වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයෙහි ද උන් වහන්සේ දැනගැන්මෙහි ද වැඩිවර්ධනය වෙන්න. දැනුත් සදහටත් උන් වහන්සේට මහිමය වේ වා! ආමෙන්.