ගීතාවලිය 78:42 - Sinhala New Revised Version 2018 එතුමාණන්ගේ බල මහිමය වත්, සතුරන්ගෙන් ගළවාගත් දිනය වත් ඔව්හු සිහි නොකළෝ ය. Sinhala New Revised Version එතුමන්ගේ බල මහිමය වත්, සතුරන්ගෙන් ගළවාගත් දිනය වත් ඔව්හු සිහි නොකළෝ ය. Sinhala Revised Old Version ඔව්හු උන්වහන්සේගේ හස්තයවත්, උන්වහන්සේ සතුරාගෙන් තමුන් මුදාගත් දවසවත්, |
තවද, සමිඳාණන් වහන්සේගේ මේ නීතිය ගැන නිතර ම කතා කරන පිණිස, මේ පිළිවෙත ඔබට, ඔබ අත ලකුණක් මෙන් ද, නළල මත සිහි වීමේ ලකුණක් මෙන් ද විය යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් ඔබ මිසරයෙන් පිටත ගෙනා සේක.
‘මිසර වාසීන්ට වහල් මෙහෙවර කරන්නට අපට ඉඩ දුන මැනවැ’යි ඔබට මිසරයේ දී කීවේ මේ නිසා නො වේ ද? පාළුකරයේ මියයනවාට වඩා මිසර වාසීන්ට වහල් මෙහෙවර කළා නම් හොඳ නො වේ දැ”යි ඇසූ හ.
ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ අසිරියාවේ ද මිසරයේ ද පත්‍රෝසේ ද එතියෝපියාවේ ද ඒලාමේ ද ෂීනාරේ ද හමාතේ ද මුහුදේ දිවයින්වල ද ඉතිරි වූ සිය පිරිස ආපසු ගෙනෙන්නට සිය බලය නැවත මෙහෙයවන සේක.
අපේ සතුරන් බිය ගැන්වූ හාස්කම් ද අරුමපුදුම දේ ද කර ඔබේ බලයත්, පරාක්‍රමයත් මෙහෙයවා ඔබේ සෙනඟ මිසර දේශයෙන් පිටතට ගෙනා සේක.
ඔවුන් වට කර සිටි සියලු සතුරන්ගේ අත්වලින් ඔවුන් ගළවා ගත් ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔව්හු අමතක කළෝ ය.