ගීතාවලිය 78:33 - Sinhala New Revised Version 2018 එබැවින් එතුමාණෝ ඔවුන්ගේ ජීවිත කාලය හුමාලයක් මෙන් නැතිවන්න සැලැසූ සේක. ඔවුන්ගේ ආයු කාලය බියෙන් ගෙවී යන්න සැලැසූ සේක. Sinhala New Revised Version එබැවින් එතුමාණෝ ඔවුන්ගේ ජීවිත කාලය හුමාලයක් මෙන් නැතිවන්න සැලැසූ සේක. ඔවුන්ගේ ආයු කාලය බියෙන් ගෙවී යන්න සැලැසූ සේක. Sinhala Revised Old Version එබැවින් උන්වහන්සේ ඔවුන්ගේ දවස් නිෂ්ඵලකමෙන්ද ඔවුන්ගේ අවුරුදු භීතියෙන්ද ගෙවෙන්ට සැලැස්වූසේක. |
ජන සංගණනයේ දී ලියාපදිංචි කළ, වයස අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, මට විරුද්ධ ව මැසිවිලි කී සියල්ලෝ ම මේ පාළුකරයේ ම නසිනු ඇත.
නුඹලාගේ දරුපරපුර අවුරුදු හතළිහක් තුළ මේ පාළුකරයේ ඒ මේ අත යමින්, නුඹලාගේ මළකඳන් පසට හැරෙන තෙක්, නුඹලාගේ අවිශ්වාසවන්තකම නිසා දුක් විඳින්නහු ය.
මෙය වදාළේ සමිඳාණන් වහන්සේ වන මම ය. මට විරුද්ධ ව පෙරමුණු බැඳගත් මේ මුළු නපුරු ජනතාවට ම මම සත්තකට ම දඬුවම් කරමි. මේ පාළුකරයේ ම ඔවුන් නැති නාස්ති වී වැනසී යනු ඇතැ”යි වදාළ සේක.