පොළොව පවතින තෙක්, වැපිරීම හා කැපීම ද ශීත හා උණුසුම ද සිසිර හා ගිම්හානය ද දවාල හා රාත්‍රිය ද නොකඩවා පවතිනු ඇත.”
ගීතාවලිය 74:17 - Sinhala New Revised Version 2018 පොළොවේ සීමාවන් පිහිටුවා වදාළේ ඔබ වහන්සේ ය; ග්‍රීෂ්මය සහ සිසිරය ඇති කෙළේ ඔබ වහන්සේ ය. Sinhala New Revised Version පොළොවේ සීමාවන් පිහිටුවා වදාළේ ඔබ වහන්සේ ය; ග්‍රීෂ්මය සහ සිසිරය ඇති කෙළේ ඔබ වහන්සේ ය. Sinhala Revised Old Version ඔබ පොළොවේ සියලු සීමා පිහිටෙවුසේක. ග්‍රීෂ්ම කාලයද ශීත කාලයද සෑදූසේක. |
පොළොව පවතින තෙක්, වැපිරීම හා කැපීම ද ශීත හා උණුසුම ද සිසිර හා ගිම්හානය ද දවාල හා රාත්‍රිය ද නොකඩවා පවතිනු ඇත.”
එහෙත් උන් වහන්සේ තමන් වහන්සේ ගැන සාක්ෂි නො දී සිටි කලක් නො වී ය. මන්ද, උන් වහන්සේ අහසින් වර්ෂාව ද සාරවත් කාල සීමාවන් ද ඔබට දී ආහාරයෙන් හා ප්‍රීතියෙන් ඔබගේ සිත් පුරවමින්, යහපත්කම් කළ සේකැ”යි කී හ.
උන් වහන්සේ එක් මිනිසෙකුගෙන් සකල මිනිස් සංහතිය මවා වදාළ සේක. මිහි පිට වාසය කරන පිණිස නියමිත කාලයන් ද වාසස්ථානවල සීමා ද නියම කළ සේක.
මහෝත්තමයාණෝ ජාති ජාතීන් හට රට රාජ්‍ය බෙදා දුන් විට, මිනිසුන් ජාතීන් වශයෙන් බෙදා වෙන් කරන විට, ඉශ්රායෙල් පුත්‍රයන්ගේ ගණනේ හැටියට, ඔවුන්ගේ සීමා නියම කළ සේක.