එවිට මම ගී ගයා දෙවිඳුන් පසසන්නෙමි; තුති ගී ගයමින් මම එතුමාණෝ බොහෝ සේ පසසන්නෙමි.
එවිට මම ගී ගයා දෙවිඳුන් පසසන්නෙමි; තුති ගී ගයමින් මම එතුමන් බොහෝ සේ පසසන්නෙමි.
ගීතිකාවකින් දෙවියන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරන්නෙමි, ස්තුතිකිරීමෙන් උන්වහන්සේ උසස් කරන්නෙමි.
මම ඔබට ස්තුති කරන්නෙමි, මන්ද, ඔබ මට පිළිතුරු දී මාගේ ගැළවීම වූ සේක.
සමිඳාණෝ මාගේ ශක්තිය ය; මාගේ පලිහ ය. මම එතුමාණන් කෙරේ විශ්වාසය තැබීමි; මම පිහිට ලදිමි. එබැවින් මාගේ සිත අතිශයින් උදන් අනයි; මම එතුමාණන්ට හද පත්ලෙන් තුති ගී ගයන්නෙමි.
මා සමඟ හිමිතුමාණන් වර්ණනා කරන්න; අපි එක් වී එතුමාණන්ගේ නාමය පසසමු.
දෙවියන්ට තුති දීම නුඹේ යාගය වේවා. සව් බලැති දෙවිඳුන්ට නුඹේ භාර ඉටු කරන්න.