උන් වහන්සේ ද ඔවුන්ගේ රථ රෝද ක්‍රියා විරහිත කළ සේක. ඒවා ඉදිරියට ගියේ ඉතා අමාරුවෙනි. එවිට මිසර වාසීහු, ‘අපි ඉශ්රායෙල්වරුන් වෙතින් පලා යමු, මන්ද, සමිඳාණන් වහන්සේ අපට විරුද්ධ ව ඔවුන් උදෙසා සටන් කරන සේකැ”යි කී හ.
ගීතාවලිය 68:12 - Sinhala New Revised Version 2018 රජවරු ද ඔවුන්ගේ සේනාවෝ ද පලා යන්නෝ ය; Sinhala New Revised Version රජවරු ද ඔවුන්ගේ සේනාවෝ ද පලා යන්නෝ ය; Sinhala Revised Old Version සේනාවන්ගේ රජවරු පලායති, ඔව්හු පලායති. ගෙදර සිටින තැනැත්තීද කොල්ලය බෙදාගන්නීය. |
උන් වහන්සේ ද ඔවුන්ගේ රථ රෝද ක්‍රියා විරහිත කළ සේක. ඒවා ඉදිරියට ගියේ ඉතා අමාරුවෙනි. එවිට මිසර වාසීහු, ‘අපි ඉශ්රායෙල්වරුන් වෙතින් පලා යමු, මන්ද, සමිඳාණන් වහන්සේ අපට විරුද්ධ ව ඔවුන් උදෙසා සටන් කරන සේකැ”යි කී හ.
මෙලෙස මෝසෙස් සහ එලෙයාසර් සහශ්‍රාධිපතීන්ගෙන් සහ ශතාධිපතීන්ගෙන් ගත් රන් රැගෙන ඒවා සම්මුඛ මණ්ඩපය තුළ තැබූ හ. ඒවා ඉශ්රායෙල් ජනයා හට සමිඳාණන් වහන්සේගේ රැකවරණය සිහි ගන්වන සංකේතයක් විය.
ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් උදෙසා සටන් කළ බැවින්, ජෝෂුවා ඒ සියලු රජවරුන් ද ඔවුන්ගේ දේශයන් ද එක විට ම අල්ලාගත්තේ ය.
පොළොවේ රජවරු ද උත්තමයෝ ද සේනාධිපතියෝ ද ධනපතියෝ ද බලවන්තයෝ ද දාසයෝ ද නිර්දාසයෝ ද යන මේ සියලු දෙනා ගුහාවලත්, කඳු සහ පර්වත අතරේත් සැඟවුණෝ ය.
තයනාක්හි මෙගිද්දෝ ජලය ළඟ රජවරු යුද්ධ කළහ; කානානිය රජවරුන් යුද්ධ කළ නමුත් මුදල් කොල්ලයක් ඔවුන්ට නොලැබුණේ ය.
‘ඔවුන් කොල්ලය සොයනු ඇත. තමන් අතරේ බෙදා ගැනීමට, එකිනෙකාට තරුණියන් එක් කෙනෙකු හෝ දෙදෙනෙකු ද සිසෙරාට නානා වර්ණ වස්ත්‍රයක්, වයිවර්ණ ගෙත්තම් වස්ත්‍රයක් ද මාගේ ගෙල වටා දැමීමට ගෙත්කම් කළ සළුවක් හෝ දෙකක් ද ඔවුන් රැගෙන එනු ඇත.’
ඔබ කියන දේට සවන් දෙන්නේ කවරෙක් ද? සියලු දෙනා ම එක හා සමාන ව බෙදාගත යුතු ය; යුද්ධයට යන අයගේ කොටසත්, බඩු ළඟ නැවතී සිටින අයගේ කොටසත් එක හා සමාන විය යුතු ය.”