රාජ ජයකොන්තය හිමි තැනැත්තා එන තෙක්, ජුදා කෙරෙන් එය පහනොවේ. රාජ යෂ්ටිය ඔහු පා අතරින් පහනොවේ. ජනතාවෝ ඔහුට කීකරු වෙති,
ගීතාවලිය 60:7 - Sinhala New Revised Version 2018 ගිලියද් සහ මනස්සේ යන රටවල් මාගේ ය; එප්‍රායිම් දේශය මාගේ හිස් වැස්ම වන්නේ ය; ජුදා පෙදෙස මාගේ රාජකීය ජයකොන්තය වන්නේ ය; Sinhala New Revised Version ගිලියද් සහ මනස්සේ යන රටවල් මාගේ ය; එප්‍රායිම් දේශය මාගේ හිස් වැස්ම වන්නේ ය; ජුදා පෙදෙස මාගේ රාජකීය ජයකොන්තය වන්නේ ය; Sinhala Revised Old Version ගිලියද් මාගේය, මනස්සේද මාගේය; එප්‍රායිම්ද මාගේ හිසට ආරක්ෂාවය; යූදා මාගේ ජයකොන්තයය. |
රාජ ජයකොන්තය හිමි තැනැත්තා එන තෙක්, ජුදා කෙරෙන් එය පහනොවේ. රාජ යෂ්ටිය ඔහු පා අතරින් පහනොවේ. ජනතාවෝ ඔහුට කීකරු වෙති,
තවද දාවිත්, පිලිස්තිවරුන් සමඟ සාවුල්ට විරුද්ධ ව සටනට ගිය විට මනස්සේවරුන්ගෙන් සමහරෙක් ද ඔහුට එකතු වුණෝ ය. එහෙත්, ඔව්හු පිලිස්තිවරුන්ට උපකාර නොකළෝ ය. මන්ද, පිලිස්තිවරුන්ගේ අධිපතීහු මන්ත්‍රණය කොට, “ඔහු අප අන්තරායට පමුණුවන ලෙස තම ස්වාමියා වූ සාවුල්ට එකතුවනු ඇතැ”යි ඔහු යන්න හැරියෝ ය.
ජොර්දානෙන් එගොඩ රූබන්වරුන්ගෙන් ද ගාද්වරුන්ගෙන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද සටනට සියලු ආකාර යුද්ධායුධ ඇති අය එක්ලක්ෂ විසිදහසක් ය.
දෙවිඳාණෝ සිය ශුද්ධස්ථානයෙන් මෙසේ වදාළ සේක: “විජයශ්‍රීයෙන් මම ෂෙකෙම් නම් පෙදෙස බෙදා දෙන්නෙමි; සුක්කොත් නම් මිටියාවත මැන වෙන් කරන්නෙමි.
ඔවුන්ගේ මහිමය, ගව කුලුඳුලාගේ මහිමය මෙන් ය; ඒ බලය, කුළු හරකාගේ අං මෙන් ය. ඒ බලයෙන් පොළොවේ කෙළවරට ඔහු, ජනයා නෙරපාදමයි. එප්‍රායිම්ගේ පරපුරෙහි දස දහස ද මනස්සේගේ පරපුරෙහි දහස් ගණන ද මේ ජනයා වෙති.”
ගිලියද් දේශයෙන් අර්ධයක් ද බාෂාන්හි තිබෙන ඕග් රජුගේ රාජ්‍යයේ නගර වන අෂ්ටාරොත් ද එද්‍රෙයි ද මනස්සේගේ පුත් මාකීර්ගේ පුත්‍රයන්ට එනම්, මාකීර්ගේ පුත්‍රයන්ගෙන් දෙකෙන් කොටසකට තමන්ගේ පවුල්වල හැටියට උරුම ලැබුණේ ය.
ජෝසෙප්ගේ කුලුඳුලා වූ මනස්සේගේ ගෝත්‍රයට ලැබුණු කොටස මේ ය. මනස්සේගේ කුලුඳුලා වූ ගිලියද්ගේ පිය වූ මාකීර් යුද්ධ භටයෙකු බැවින් ඔහුට ගිලියද් ද බාෂාන් ද ලැබුණේ ය.
දාවිත් පිළිතුරු දෙමින්, “එසේ නම් ඔබේ මෙහෙකරුවා කරන දෙය ඔබ දැනගනු ඇතැ”යි ආකීෂ්ට කී ය. ආකීෂ් පිළිතුරු දෙමින්, “හොඳයි, මාගේ ජීවිතාන්තය දක්වා ඔබ මාගේ ආරක්ෂක භටයා කොට පත් කරමි”යි දාවිත්ට කී ය.