මේ ස්ථානය පාළු වී ඊට සාප වේ වා! කියා මා මේ ස්ථානයටත්, මෙහි වැසියන්ටත් විරුද්ධ ව කියා තිබෙන කාරණා නුඹ ඇසූ විට නුඹේ සිත මෘදු වී, නුඹ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යටහත් වී, දුකින් නුඹේ ඇඳුම් ඉරාගෙන මා ඉදිරියෙහි හැඬූ නිසා, මමත් නුඹට ඇහුම්කන් දුන්නෙමි.
ගීතාවලිය 51:19 - Sinhala New Revised Version 2018 එකල, දවන යාග පූජා වන නියමිත පඬුරුවලට ඔබ ප්‍රිය වන සේක. එවිට ඔබේ පුදසුන මත ඔව්හු ගව පූජා පුදන්නෝ ය. Sinhala New Revised Version එකල, දවන යාග පූජා වන නියමිත පඬුරුවලට ඔබ ප්‍රිය වන සේක. එවිට ඔබේ පුදසුන මත ඔව්හු ගව පූජා පුදන්නෝ ය. Sinhala Revised Old Version එකල ධර්මිෂ්ඨකමේ පූජාවලට, එනම් දවන පූජාව හා මුළු දවන පූජාවට, ඔබ ප්‍රියවනසේක. එවිට ඔව්හු ඔබගේ පූජාසනය පිට ගොනුන් පූජාකරන්නාහුය. |
මේ ස්ථානය පාළු වී ඊට සාප වේ වා! කියා මා මේ ස්ථානයටත්, මෙහි වැසියන්ටත් විරුද්ධ ව කියා තිබෙන කාරණා නුඹ ඇසූ විට නුඹේ සිත මෘදු වී, නුඹ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යටහත් වී, දුකින් නුඹේ ඇඳුම් ඉරාගෙන මා ඉදිරියෙහි හැඬූ නිසා, මමත් නුඹට ඇහුම්කන් දුන්නෙමි.
සමිඳාණෝ දෙවිඳාණෝ ය; එතුමාණෝ අපට එළිය දුන් සේක; අතු ගත් අත් ඇති ව පූජාසනය වටා පෙරහරින් ගමන් කරන්න.
උසස්, උදාර, සදාකාලික ශුද්ධ නාමය දරන තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක: “යටහත් පහත් අය පණ ගන්වන පිණිසත්, තැළුණු බිඳුණු අයගේ සිත් ධෛර්යවත් කරන පිණිසත් මම උසස්, ශුද්ධස්ථානයේ වාසය කරන අතර, යටහත් පහත්, තැළුණු බිඳුණු සිත් ඇති අය සමඟ ද වාසය කරමි.
මුළු විශ්වය මැව්වේ මම ය. එබැවින් සියලු දේ මාගේ ය. යටහත්, තැළුණු සිත් ඇති මාගේ වචනයට කීකරු වන මිනිසා මට ප්‍රිය මනාප වේ.
උන් වහන්සේ රිදී උණු කර පිරිසිදු කරන කෙනෙකු මෙන් ලෙවී පුත්‍රයන් පවිත්‍ර කරන සේක. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේ වෙත නියම පූජාවක් ගෙනෙන්නෝ ය.
සහෝදරයෙනි, දෙවියන් වහන්සේ ඉමහත් දයාවක් පෙන් වූ බැවින්, ඔබගේ ශරීර දෙවියන් වහන්සේට කැප කළ, උන් වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් ඔබගෙන් උදක් ම ඉල්ලමි. සැබෑ බුද්ධිමය නමස්කාරය එය වේ.
ක්‍රිස්තුන් වහන්සේ අපට ප්‍රේම කොට, මිහිරි සුගන්ධ පූජාවක් ද යාගයක් ද හැටියට අප වෙනුවෙන් දෙවියන් වහන්සේට සිය ජීවිතය පරිත්‍යාග කළාක් මෙන්, ඔබත් ප්‍රේමයෙන් ජීවත් වන්න.