නුඹ සමඟ සිටින ජීවමාන සියලු සතුන් වන, පක්ෂීන් ද ගවමහිෂයන් හා උරගයන් ද පොළොව පිට බහුල ව බෝ වී, වැඩි වර්ධනය වන පිණිස පිටතට ගෙනෙන්නැ”යි වදාළ සේක.
ගීතාවලිය 50:12 - Sinhala New Revised Version 2018 “මට කුසගිනි නම්, නුඹට දන්වන්නට වුවමනාවක් නැත; ලොවත්, එහි ඇති සියලු දේත් මා සතු නොවේ ද? Sinhala New Revised Version “මට කුසගිනි නම්, නුඹට දන්වන්නට වුවමනාවක් නැත; ලොවත්, එහි ඇති සියලු දේත් මා සතු නොවේ ද? Sinhala Revised Old Version මට බඩගිනි වීනම්, නුඹට නොකියන්නෙමි. මක්නිසාද ලෝකයත් එහි පූර්ණකමත් මාගේය. |
නුඹ සමඟ සිටින ජීවමාන සියලු සතුන් වන, පක්ෂීන් ද ගවමහිෂයන් හා උරගයන් ද පොළොව පිට බහුල ව බෝ වී, වැඩි වර්ධනය වන පිණිස පිටතට ගෙනෙන්නැ”යි වදාළ සේක.
සමිඳුනි, ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාර ද? ඔබ සියල්ල ප්‍රඥාවෙන් මැවූ සේක. පොළොව ඔබ මැවූ සතුන්ගෙන් පිරී ඇත;
එබැවින් දැන් ඉතින් නුඹලා සැබැවින් ම මාගේ හඬට කීකරු වන්නහු නම්, මාගේ ගිවිසුම පිළිපදින්නහු නම්, සියලු සෙනඟ අතුරින් නුඹලා මට ම අයිති සම්පත වන්නහු ය. මන්ද, මුළු මහ පොළොව මා සතු ය.
බලන්න, ස්වර්ගයත්, ස්වර්ගයෙහි ස්වර්ගයත්, පොළොවත්, එහි ඇති සියල්ලත් අයිති ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ය.