අප පොළොවේ ධූලිවලට යට වී ඇත. සිරුර පොළොවේ ඇද වැටී ඇත.
අපේ ආත්මය ධූලියට නැමී තිබේ. අපේ උදරයද බිමට ඇලෙයි.
ඔබ මාගෙන් මුහුණ සඟවාගෙන මා ඔබේ සතුරෙකු කොට ගණන් ගන්නේ මන් ද?
සමිඳාණන් වහන්ස, ඔබ ඈත් වී සිටින්නේ මන් ද? විපත් සමයේ කුමට සැඟවී සිටින සේක් ද?
මම දූවිල්ලෙහි වැතිර සිටිමි. ඔබේ පොරොන්දුව ලෙස මා ප්‍රාණවත් කළ මැනව.
යොවුන් වියේ පටන් පීඩිත ව කෙඳිරි ගාමින් මම මැරෙන්නට ආසන්න ව සිටියෙමි; ඔබෙන් පැමිණෙන දඬුවම්වල බරින් මම තැළී පොඩි වී සිටියෙමි.
ඒ කුසලාන නුඹලාට පීඩා කළ අයට එනම්, ‘අප විසින් නුඹලා පාගාගෙන යනු පිණිස බිම වැටී සිටින්නැ’යි කියමින් නුඹලාගේ පිටවල් පාරක් මෙන් සලකා ඒවා උඩින් ගිය අයට එය දෙන්නෙමි.”
රස කෑම කෑ අය අසරණ ව වීදිවල හිඳිති. රතු ඇතිරිලි පිට ඇතිදැඩි වූ අය කසළ ගොඩවල් වැළඳගෙන හිඳිති.