ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 44:20 - Sinhala New Revised Version 2018

ඉතින් අපි, අපේ දෙවිඳුන් අමතක කෙළෙමු නම්, අන් දෙවියෙකුට යාච්ඤා කෙළෙමු නම්,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉතින් අපි, අපේ දෙවිඳුන් අමතක කෙළෙමු නම්, අන් දෙවියෙකුට යාච්ඤා කෙළෙමු නම්,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අපේ දෙවියන්වහන්සේගේ නාමය සිහිනැති කෙළෙමු නම්, අන් දෙවියෙකුට අත් දිගුකෙළෙමු නම්,

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 44:20
11 හුවමාරු යොමු  

ඉන්පසු සලමොන් රජ තෙම මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට, ස්වර්ගය දෙසට තම අත් විදහා මෙසේ කී ය:


ඔබේ සිත හරි මඟ යවන්න; දොහොත් මුදුන් දී දෙවිඳුන් වෙත හැරෙන්න.


මේ සියල්ල අපට පැමිණි බව ඇත්ත ය; එහෙත් අපි, ඔබ අමතක නොකෙළෙමු; ඔබ සමඟ කළ අපේ ගිවිසුම කඩ නොකෙළෙමු.


එහෙත්, රජ තෙම දෙවිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වන්නේ ය. මුසා දොඩන්නවුන්ගේ මුව පියවෙන විට සමිඳුන් නමින් දිවුරන්නෝ ප්‍රීතිමත් වන්නෝ ය.


මිසරයෙන් තානාපතීහු නික්ම එන්නෝ ය; එතියෝපියාව දෙවිඳුන් වෙත අයැදිමින් අත් දිගු කරන්නේ ය.


එතුමාණන්ගේ ක්‍රියා ඔව්හු අමතක කළෝ ය. ඔවුන්ට දැක්වූ අරුමපුදුම දේ සිහි නොකළෝ ය.


ඔබ අතර බොරු දෙවි දේවතාවන් නොසිටිය යුතු ය; විදේශීය දෙවි දේවතාවන් හට නමස්කාර නොකළ යුතු ය.


මෝසෙස් ඔහුට උත්තර දෙමින්, “මම නුවරින් පිටත ගිය කෙණෙහි ම සමිඳාණන් වහන්සේ වෙත මාගේ අත ඔසවමි. මිහිතලය සමිඳාණන් වහන්සේට අයිති බව දැනගනු පිණිස, අහස් ගිගුරුම් නවතිනු ඇත. ගල් වර්ෂා ද තවත් ඇති නොවේ.


ඔබ අවට සිටින සෙනඟගේ අනිකුත් දෙවි දේවතාවන්ට ඔබ නමස්කාර නොකළ යුතු ය.