දෙවිඳුන්ගේ සහාය ඇති ව අපි වීරයන් මෙන් සටන් කරන්නෙමු; එතුමාණෝ ම අපේ එදිරිකරුවන් පයින් පාගාදමන සේක.
ගීතාවලිය 44:10 - Sinhala New Revised Version 2018 සතුරන්ට බිය වී පලා යාමට ඔබ අපට සැලැසූ සේක. සතුරෝ අපේ රට කොල්ලකාගත්හ. Sinhala New Revised Version සතුරන්ට බිය වී පලා යාමට ඔබ අපට සැලැසූ සේක. සතුරෝ අපේ රට කොල්ලකාගත්හ. Sinhala Revised Old Version ඔබ එදිරිකාරයා කෙරෙන් අප ආපසු හරවනසේක. අපට වෛරවන්නෝද කොල්ලකාගනිති. |
දෙවිඳුන්ගේ සහාය ඇති ව අපි වීරයන් මෙන් සටන් කරන්නෙමු; එතුමාණෝ ම අපේ එදිරිකරුවන් පයින් පාගාදමන සේක.
ජනයන්ගේ වස්තුව, පක්ෂි කැදැල්ලක් මෙන් මාගේ අතට අසු විය. අත්හැර දැමූ බිජු එකතු කරන්නාක් මෙන් ලොවේ ජාතීන් එකතු කරගත්තෙමි. මා බිය ගන්වන පිණිස තටු ගැසීමක් වත්, හොට ඇරීමක් වත්, කෑගැසීමක් වත් නො වී ය.”
මාගේ උදහස ඇවිස්සූ ජාතියට පහර දෙන පිණිස ඒ ජාතිය කොල්ලකන්නත්, එහි සම්පත් උදුරාගන්නත්, වීථිවල මඩ මෙන් පාගන්නත් මම අසිරියාව එවමි.
සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “දේශයේ හැම තැන ම ඔවුන් කර ඇති ඔවුන්ගේ පව් නිසා, මාගේ සෙනඟගේ සම්පත හා වස්තුව කොල්ලයක් මෙන් පැහැරගෙන යන්නට මම සලස්වන්නෙමි.
මා කතා කරන සෑම විට ම මොරගසමින්, ‘සැහැසිකම’, ‘විනාශය’ කියා මම කියමි. ඔබ තුමාණන්ගේ වචනය දවස පුරා ප්‍රකාශ කිරීම මා නින්දාවටත්, සරදමටත් හේතුව වී තිබේ.
මම නුඹලාට විරුද්ධ වන්නෙමි. නුඹලාගේ සතුරන් ඉදිරියෙහි නුඹලා මරනු ලබන්නහු ය. නුඹලාගේ සතුරෝ නුඹලා පාලනය කරන්නෝ ය. කෙනෙකු නුඹලා ලුහුබැඳ නොයන විට පවා නුඹලා පලා යන්නහු ය.
ඔබ, අමලෙක්වරුන්ට සහ කානානිවරුන්ට මුහුණ දෙන විට යුද්ධයෙන් නසින්නහු ය. ඔබ හැම සමිඳාණන් වහන්සේගෙන් ඉවත ගොස් සිටින බැවින්, උන් වහන්සේ ඔබ හැම මැද නතර නොවන සේකැ”යි කී ය.
“සමිඳාණන් වහන්සේ ඔබේ සතුරන් ඉදිරියෙහි ඔබ පරාජය වන්නට සලසන සේක. ඔබ ඔවුන්ට විරුද්ධ ව එක මඟකින් අවුත් හත් මඟකින් පලා යන්නහු ය. මිහි පිට සියලු රාජධානීන්හි වැසියන්ට ඔබ ගොරතර භීතියක් වන්නහු ය.
එදින මාගේ උදහස ඔවුන්ට විරුද්ධ ව ඇවිළී, මා ඔවුන් අත්හැර, මම ඔවුන්ගෙන් මාගේ මුහුණ සඟවා ගන්නෙමි. ඔවුන් පිට පැමිණෙන මහා විපත්ති සහ දුක් කරදරවලින් ඔව්හු වැනසී යන්නෝ ය. එවිට එදින ඔව්හු කතා කොට, ‘මේ විපත්ති අප පිට පැමිණ තිබෙන්නේ අපේ දෙවියන් වහන්සේ අප අතරේ නැති නිසා නොවේ දැ’යි කියන්නෝ ය.
ඉශ්රායෙල් සෙනඟට තමන්ගේ සතුරන්ට මූණපෑමට නොහැකි වූයේ ඒ නිසා ය. සාපයට අසු වූ බැවින් ඔව්හු තමන්ගේ සතුරන්ට පිටුපාති. ඒ කැප කරන ලද දේ නුඹලා කෙරෙන් විනාශ කර නොදැමුවොත් මම තවත් නුඹලා සමඟ නොසිටින්නෙමි.
පණිවුඩකාරයා උත්තර දෙමින් “ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙන් පලා ගියහ. සෙනඟ අතරේ ඉමහත් ඝාතනයක් ඇති විය; ඔබේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නි ද පිනෙහාස් ද මළහ. දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද පැහැර ගනු ලැබී ය”යි කීවේ ය.