“එතුමාණෝ මෙසේ කළ සේකැ”යි කියමින්, ඔව්හු මතු ඇති වන පරම්පරාවලට එතුමාණන්ගේ දැහැමි ක්‍රියා පවසනු ඇත.
ගීතාවලිය 44:1 - Sinhala New Revised Version 2018 දෙවිඳුනි, ඈත අතීතයේ දී ඔබ කළ උදාර ක්‍රියා අපේ ම කනින් අප අසා ඇත; අපේ පියවරුන් ඒවා අපට කියා ඇත. Sinhala New Revised Version දෙවිඳුනි, ඈත අතීතයේ දී ඔබ කළ උදාර ක්‍රියා අපේ ම කනින් අප අසා ඇත; අපේ පියවරුන් ඒවා අපට කියා ඇත. Sinhala Revised Old Version දෙවියන්වහන්ස, පුරාණ කාලය වන, අපේ පියවරුන්ගේ දවස්වලදී, ඔබ කළ ක්‍රියා අපේ කනින් ඇසීමුව, අපේ පියවරු අපට කීවෝය. |
“එතුමාණෝ මෙසේ කළ සේකැ”යි කියමින්, ඔව්හු මතු ඇති වන පරම්පරාවලට එතුමාණන්ගේ දැහැමි ක්‍රියා පවසනු ඇත.
අනේ දෙවිඳුනි! පැසුණු කෙස් සහිත ව මහලු වියේ සිටින මා අත්නෑරිය මැනව. ඔබේ මහිමය සහ ශක්තිය මතු පරම්පරාවලට කියා පාන තෙක් මා සමඟ සිටිය මැනව.
මා ඔබට දැන් ප්‍රශංසා කරන්නාක් මෙන් ඔබට ප්‍රශංසා කරන්නේ ජීවතුන් අතර සිටින අය ම ය. ඔබේ විශ්වාසවන්තකම ගැන පියවරු සිය දරුවන්ට කියති.
ඔබේ දරුවන්ට ඒ ගැන කියන්න; ඔව්හු තමන්ගේ දරුවන්ටත් ඒ ගැන කියත් වා! ඔව්හු ද, මතු පරම්පරාවටත් ඒ ගැන කියා දෙත් වා!
“මතු කාලයක දී ඔබේ පුතු ඔබ අමතමින්, ‘අපේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ දුන් ශික්ෂා පදවල ද නීති හා නියෝගවල ද තේරුම කුමක් දැ’යි ඇසුවොත්,
ගිඩියොන් ඔහුට කතා කරමින්, “අහෝ මාගේ ස්වාමීනි, සමිඳාණන් වහන්සේ අප සමඟ සිටින සේක් නම්, මේ සියල්ල අපට සිදු වී තිබෙන්නේ කුමක්නිසා ද? ‘සමිඳාණන් වහන්සේ අප මිසරයෙන් ගෙනා සේකැ’යි කියමින් අපේ පියවරුන් අපට මතක් කර දුන් උන් වහන්සේගේ සියලු පුදුම ක්‍රියා කොහේ ද? දැන් නම්, සමිඳාණන් වහන්සේ අප අත්හැරදමා, මිදියන්වරුන් අතට අප පාවා දී ඇතැ”යි කීවේ ය.