ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 41:3 - Sinhala New Revised Version 2018

ලෙඩ ඇඳේ සිටින විට සමිඳාණෝ ඔහුට පිහිට වන සේක; රෝගාතුර ව සිටින විට සුවය දෙන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ලෙඩ ඇඳේ සිටින විට සමිඳාණෝ ඔහුට පිහිට වන සේක; රෝගාතුර ව සිටින විට සුවය දෙන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේ ඔහු ගිලන්ව ඔත් යහනේදී උසුලනසේක. රෝගයේදී ඔබ ඔහුගේ මුළු යහන සකස්කරනසේක.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 41:3
7 හුවමාරු යොමු  

ඔහු කතා කොට, “නුඹ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට පණිවුඩකාරයන් යැව්වේ, දේව වාක්‍යයෙන් විචාරන්නට ඉශ්රායෙල්වරුන්ගේ දෙවි කෙනෙකුන් නැති නිසා ද? එබැවින් නුඹ සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි ඔහුට කී ය.


ඔව්හු කතා කොට, “මනුෂ්‍යයෙක් අපේ පෙරමඟට අවුත්, ‘ඔබ හැම එවූ රජු ළඟට හැරී ගොස්, ඔබ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට යවන්නේ ඉශ්රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසා ද? එබැවින්, ඔබ සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි යයි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා ඔහුට කියන්නැ’යි අපට සැළ කෙළේ ය”යි කී හ.


මාගේ ගත සිත කෙමෙන් වැහැරෙයි; එහෙත්, දෙවිඳාණෝ මාගේ ශක්තිය ද උරුමය ද වන සේක.


තවද, අපට නිරතුරු සෙත සලසන පිණිස මේ නියෝග සියල්ල පිළිපැදීමටත්, දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමටත් අපට අණ කළ සේක. එසේ කළොත්, අද දවසේ මෙන් උන් වහන්සේ අප පණපිටින් රකින සේක.