එහෙත්, සමිඳාණෝ දුදනාගේ අතට ඔහු අත් නාරින සේක; ඔහු උසාවියට ගෙන ගියත්, වරදට පත් නොකරන සේක.
ස්වාමීන්වහන්සේ ඔහුගේ අතට ඔහු අත් නාරිනසේක, ඔහු විනිශ්චයකරනු ලබන කල වරදට පත් නොකරනසේක.
දිළිඳා මරණයට තීන්දු කරන්නන්ගෙන් ඔහු ගළවන පිණිස එතුමාණෝ ඔහුට ආරක්ෂාව වී සිටින සේක.
මෙසේ ක්‍රිස්තුන් වහන්සේ තුළ ජීවත්වන්නවුනට විරුද්ධ ව නඩු තීන්දුවක් නැත.
එහෙත් සමිඳාණන් වහන්සේ මා අත්හැර නොගොස් මා ශක්තිමත් කළ සේක. මෙසේ මා මඟින් සුබ අස්න සම්පූර්ණ ලෙස සියලු විජාතීන්ට ඇසෙන සේ ප්‍රකාශ වනු ඇත. එසේ සිංහයාගේ කටින් මම මුදා ගනු ලැබුවෙමි.
මෙයින් පෙනෙන්නේ, සමිඳාණන් වහන්සේ භක්තිවන්තයන් පරීක්ෂාවලින් ගළවන්නට ද අභක්තිකයන් විනිශ්චයේ දවස දක්වා දඬුවම යටතේ තබන්නට ද දන්නා බව ය.