ගීතාවලිය 35:7 - Sinhala New Revised Version 2018 කරුණක් නැතිව ම මා ඇල්ලීමට ඔව්හු මලපත් දැමූ හ; මා බැඳගැන්මට ගැඹුරු වළක් තැනූ හ. Sinhala New Revised Version කරුණක් නැතිව ම මා ඇල්ලීමට ඔව්හු මලපත් දැමූ හ; මා බැඳගැන්මට ගැඹුරු වළක් තැනූ හ. Sinhala Revised Old Version මක්නිසාද ඔව්හු නිෂ්කාරණයේ මට ඔවුන්ගේ දැල වළක සඟවා තැබූය, නිෂ්කාරණයේ මාගේ ප්‍රාණයට වළක් හෑරුවෝය. |
ඔබ කෙරේ විශ්වාසය තබන කිසිවෙකු පරාජය වන්නේ නැත. හිතුවක්කාර ලෙස විශ්වාසය කඩ කරන අය පරාජය වන්නෝ ය.
නිකරුණේ මට වෛර කරන්නන්ගේ ගණන මාගේ ඉසකෙස්වලටත් වඩා වැඩි ය. මුසා දොඩමින් මා වනසන්නට බලන අය බලවත් ය. එබැවින් මා සොරා නොගත් දේ ආපසු දෙන්න ඔව්හු මට බල කරන්නෝ ය.
යහපතට පල විපාකය අයහපත ද? මාගේ සතුරන් මා නසන්නට බොරු වළක් හාරා ඇත. ඔවුන් වෙනුවෙන් ඔබේ කෝපය පහකරන පිණිස ඔවුන්ගේ යහපත උදෙසා කතා කරන්නට මා ඔබ ඉදිරියෙහි සිටි බව සිහි කළ මැනව.
මෙසේ සිදු වන්නේ, ‘ඔව්හු හේතුවක් නැති ව මට ද්වේෂ කළහ’යි ඔවුන්ගේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇති වචනය ඉෂ්ට වන පිණිස ය.