ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 24:8 - Sinhala New Revised Version 2018

ඒ මහා ප්‍රතාපවත් නිරිඳාණෝ කවරෙක් ද? තෙද බල යුතු හිමිතුමාණෝ ය; යුද්ධ ජයගත් හිමිතුමාණෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඒ මහා ප්‍රතාපවත් නිරිඳාණෝ කවරෙක් ද? තෙද බල යුතු හිමි තුමාණෝ ය; යුද්ධ ජයගත් හිමි තුමාණෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තේජසේ රජ්ජුරුවෝ කවුද? බලපරාක්‍රම සහිත ස්වාමීන්වහන්සේය, යුද්ධයෙහි බලසම්පන්නවූ ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 24:8
11 හුවමාරු යොමු  

සව් බලැති දෙවි සමිඳාණෝ ශ්‍රී මුඛය විවෘත කර පෙරදිග පටන් අපර දිග දක්වා මුළු ලොවට කතා කරන සේක.


සමිඳාණෝ රජකම් කරන සේක; ජයශ්‍රීය නමැති ඉඟ පටිය බැඳ මහිමාලංකාරයෙන් සැරසී සිටින සේක. සදහට ම නොසැලෙන සකල ලොව පිහිටෙවු සේක.


සමිඳාණෝ, රණ ශූර ය, එතුමන්ගේ නම හිමිසඳ වේ.


අපට ළදරුවෙක් උපන්නේ ය; අපට පුත්‍රයෙක් දෙන ලද්දේ ය; එතුමාණෝ අපේ රජු වන සේක. ‘එතුමාණෝ, අසිරිමත් උපදේශකයාණෝ ය; ප්‍රතාපවත් දෙව් තුමාණෝ ය; සදාතන පියාණෝ ය; සාමයේ කුමාරයාණෝ ය’යි කියනු ලබන සේක.


මෙලෙස උන් වහන්සේ භූතාධිපතීන් ද බලධාරීන් ද නිරායුධ කොට ඔවුන් ප්‍රසිද්ධියේ ජය පෙරහරින් ගෙන ගොස් ප්‍රදර්ශනය කළ සේක.


එකෙණෙහි ම මම සුදු අශ්වයෙකු දිටිමි. අසු පිට හුන් තැනැත්තා අතේ දුන්නක් තිබුණේ ය. කිරුළක් ඔහුට දෙන ලදි. ඔහු ජයග්‍රාහකයෙකුගේ විලාශයෙන් ජයෙන් ජයට පත් වන පිණිස නික්ම ගියේ ය.