එතුමාණෝ අණ දෙන සේක; හිම කැට දිය වන්න සලස්වන සේක. එතුමාණෝ හුළඟ හමන්න සලස්වන සේක. එවිට ජලය ගලා යන්නේ ය.
උන්වහන්සේ තමන් වචනය යවා ඒවා දියකරනසේක. උන්වහන්සේ තමන් හුළඟ හමන්ට සලස්වනසේක, එවිට ජලධාරාවෝ ගලායති.
දෙවිඳුන්ගේ හුස්මෙන් වතුර මිදෙයි; ඒවා තද අයිස් කැටිවලට හැරෙයි.
දකුණු දෙසින් හමන සුළඟ නැවතුණ කල, ඔබේ ඇඟට රස්නය එන්නේ කෙසේ දැ යි ඔබ දන්නෙහි ද?
එතුමාණෝ සිය වදනින් ඔවුන් සුවපත් කළ සේක. ඔවුන් මරණින් ගොඩගත් සේක.
එතුමාණෝ ස්වකීය ආඥාව පොළොවෙහි ඉම දක්වා යවන සේක. එතුමාණන්ගේ වචන යුහු ව පැතිර යයි.
මන්ද, එතුමාණෝ වචනයෙන් සියල්ල මවන සේක; ආඥාවකින් සියල්ල තහවුරු කරන සේක.
අහසෙහි පෙරදිග සුළඟක් හමන්නට සැලැසූ සේක; සිය බලයෙන් දකුණු දිග සුළඟ කළඹා හැරිය සේක.