ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 147:1 - Sinhala New Revised Version 2018

සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්න; අපේ දෙවිඳුන්ට පසස් ගී ගැයීම යහපත් ය. එතුමාණෝ පැසසීම පියකරු ය, හොබනේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සමිඳුන්ට ප්‍රශංසා කරන්න; අපේ දෙවිඳුන්ට පසස් ගී ගැයීම යහපත් ය. එතුමන් පැසසීම පියකරු ය, හොබනේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වාමීන්ට ප්‍රශංසාකරව්; මක්නිසාද අපේ දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී කීම යහපත්ය. එයින් ප්‍රීතිය උපදනේය, ප්‍රශංසාකිරීම හොබනේය.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 147:1
10 හුවමාරු යොමු  

එහෙත්, පළමු මාලිගාව දුටු මහලු අය වන බොහෝ පූජකයෝ ද ලෙවීවරු ද පිය වංශවල ප්‍රධානියෝ ද මාලිගාවේ අත්තිවාරම් දැමූ බව දුටු විට මහා හඬින් හැඬුවෝ ය. තවත් බොහෝ දෙනෙක් ප්‍රීති ඝෝෂා ද පැවැත්වූ හ.


සමිඳුන්ට ප්‍රශංසා කරන්න. එතුමාණෝ යහපත් ය. එතුමාණෝ කරුණාබර වන සේක. එතුමාණන්ගේ නාමයට ගී ගයන්න;


දමිටුනි, හිමිතුමාණන් කෙරේ ප්‍රීති සන්තෝෂ වන්න. ප්‍රශංසාව අවංක අයට හොබනා දෙයකි.


බැති පෙමින් කුල්මත් වූ වන්දනාකරුවන් සමඟ පැසසුම් ගී ගයමින්, මහ පිරිස් මැද දෙව් මැදුරට මා ගිය හැටි සිහි වන විට මා හද දෙදරා යයි.


සමිඳාණන් වහන්ස, ඔබට තුති පිදීම හොබනේ ය; මහෝත්තමයාණෙනි, ඔබේ නාමය වර්ණනා කිරීම යහපත් ය.


උදෑසන ඔබේ පෙම පැවසීම හොබනේ ය. රෑ යාමයේ දී ඔබේ විශ්වාසවන්තකම පැවසීම යහපත් ය.