Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 33:1 - Sinhala New Revised Version 2018

1 දමිටුනි, හිමිතුමාණන් කෙරේ ප්‍රීති සන්තෝෂ වන්න. ප්‍රශංසාව අවංක අයට හොබනා දෙයකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 දමිටුනි, හිමි තුමන් කෙරේ ප්‍රීති සන්තෝෂ වන්න. ප්‍රශංසාව අවංක අයට හොබනා දෙයකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 ධර්මිෂ්ඨයෙනි, ස්වාමීන් කෙරෙහි ප්‍රීතිමත් වව්. ප්‍රශංසාකිරීම අවංකයන්ට හොබනේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 33:1
12 හුවමාරු යොමු  

දමිටුනි, හිමිතුමාණන් කෙරේ ප්‍රීති වී උදන් අනන්න. අවංක සිත් ඇති සියල්ලෙනි, ප්‍රීති ඝෝෂා පවත්වන්න.


සමිඳාණන් වහන්සේ තුළ නිතර ම ප්‍රීති වන්න. ප්‍රීති වන්නැ යි නැවතත් කියමි.


සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්න; අපේ දෙවිඳුන්ට පසස් ගී ගැයීම යහපත් ය. එතුමාණෝ පැසසීම පියකරු ය, හොබනේ ය.


ප්‍රීතිවීමේ හා ගැළවීමේ හඬට සවන් දෙන්න. දමිටුන්ගේ කූඩාරම්වල ජය නාදය ඇසේ. සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි.


දමිටුනි, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වෙන්න. එතුමාණන්ගේ සුවිශුද්ධ භාවය සිහි කොට එතුමාණන්ට ප්‍රශංසා කරන්න.


දුදනන්ගේ පුද පූජා සමිඳුන්ට පිළිකුලකි; සුදනන්ගේ යැදුම් එතුමන්ට සතුටකි.


සමිඳුන්ට ප්‍රශංසා කරන්න. එතුමාණෝ යහපත් ය. එතුමාණෝ කරුණාබර වන සේක. එතුමාණන්ගේ නාමයට ගී ගයන්න;


ඒ ගැන ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි: “ධර්මිෂ්ඨ වූ කිසිවෙක් නැත, එක් කෙනෙක් වත් නැත;


එක මිනිසෙකුගේ අකීකරුකමින් සියල්ලන් ම පව්කාරයන් වූ සේ ම, එක මිනිසෙකුගේ කීකරුකමින් සියල්ලෝ ම දමිටු බවට පමුණුවනු ලබන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්