ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 141:4 - Sinhala New Revised Version 2018

මා හද නපුරට ඇදී යාමට ද දුෂ්ට ක්‍රියාවලට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව. දුෂ්ටයන්ගේ මංගල බොදුනට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මා හද නපුරට ඇදී යාමට ද දුෂ්ට ක්‍රියාවලට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව. දුෂ්ටයන්ගේ මංගල බොදුනට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අයුතුකම්කරන මනුෂ්‍යයන් සමඟ දුෂ්ට ක්‍රියාවල පවතින ලෙස, කිසි නපුරු දෙයකට මාගේ සිත යොමුවෙන්ට නොහළ මැනව; ඔවුන්ගේ මිහිරි දේද අනුභව නොකරෙමේවා.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 141:4
21 හුවමාරු යොමු  

ඔහු ද ගොස්, එළු පැටියන් දෙන්නෙකු රැගෙන මව වෙත ගෙනාවේ ය. මව ඔහුගේ පියා ප්‍රිය කරන ප්‍රණීත ආහාරයක් එයින් පිසුවා ය.


එවිට ඒ මනුෂ්‍යයා, “ඔබේ ගෙයින් දෙකෙන් පංගුවක් මට දෙතත් මම ඔබ සමඟ එහි නොයමි. මේ ස්ථානයේ දී මා කිසිවක් කන්නේ වත්, වතුර බොන්නේ වත් නැත.


සමිඳාණන් වහන්සේ, ‘කුමකින් දැ’යි ඔහුගෙන් ඇසූ විට, ඔහු, ‘මම ගොස් ඔහුගේ සියලු දිවැසිවරයන්ගේ මුඛවල මුසා දොඩන ආත්මයක් වන්නෙමි’යි කී ය. උන් වහන්සේ ද, ‘නුඹ ඔහු පොළඹවා ජයගනු ඇත. ගොස් එසේ කරන්නැ’යි වදාළ සේක.


එසේ උන් වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙන්නටත්, උන් වහන්සේ අපේ පියවරුන්ට අණ කළ උන් වහන්සේගේ ආඥා ද පනත් ද විනිශ්චයයන් ද පවත්වන්නටත් උන් වහන්සේ අපේ සිත් තමන් වෙත නමාගන්න සේක් වා!


අයුතු ලාභයට නොව, ඔබේ ශික්ෂා පදවලට මාගේ සිත යොමු කළ මැනව.


සිය අසල්වැසියන් සමඟ සාමදානයෙන් කතා කළත්, හිත යට නපුරු චේතනා ඇති දුෂ්ටයන් ද නොපනත්කම් කරන්නන් ද සමඟ මා පහ නොකළ මැනව.


සමිඳුනි, ඔබේ මාර්ගවලින් අප මුළාව යන්නත්, ඔබ කෙරෙහි බිය නොවන සේ අපේ සිත් දැඩි වන්නත් හරින්නේ කුමක් නිසා ද? ඔබේ සේවකයන් නිසාත්, ඔබේ උරුමයට අයිති ගෝත්‍ර නිසාත් අප වෙත හැරී එනු මැනව.


මේ ස්ත්‍රීන් තමන්ගේ දෙවි දේවතාවන්ට පිදූ පුදපූජා සඳහා සෙනඟට ආරාධනය කළ විට, ඔව්හු ගොස් ඒ පිදේනි වළඳා, ඒ දෙවි දේවතාවන් ඉදිරියෙහි වැඳ වැටුණෝ ය.


අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප මිදුව මැනව.


එහෙයින් ඔබ කෑවත් බීවත්, වෙන දෙයක් කළත්, සියල්ල දේව ගෞරවය පිණිස කරන්න.


මුළා නොවන්න, “නරක ආශ්‍රයෙන් හොඳ චරිත වැනසේ.”


එබැවින්: “ඔවුන් අතරෙන් නික්මවිත්, වෙන් වී සිටින්න. අපවිත්‍ර කිසිවක් ස්පර්ශ නොකරන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. “එවිට මම ඔබ පිළිගෙන,


“එහෙත් හෙෂ්බොන්හි රජ වූ සීහොන් අපට දේශය මැදින් යන්නට අවසර නුදුන්නේ ය. එසේ නුදුන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු ඔබේ බලයට පාවා දෙනු පිණිස, උන් වහන්සේ ඔහුගේ සිත දැඩි ලෙස මුරණ්ඩු කළ නිසා විය හැක.


එහෙත්, ඒවා තේරුම්ගැනීමට සිත් ද දැකීමට නෙත් ද ඇසීමට කන් ද සමිඳාණන් වහන්සේ අද දක්වා ඔබට නුදුන් සේක.


පරීක්ෂා කරනු ලබන කල, “මා පොළඹවන්නේ දෙවියන් වහන්සේ ය”යි කිසිවෙක් නොකියා වා. දෙවියන් වහන්සේ නපුරෙන් පෙළඹෙන්නේ නැත. කිසිවෙකු පොළඹවන්නෙත් නැත.


තවද, මෙසේ කියන හඬක් ස්වර්ගයෙන් මට ඇසිණි: “මාගේ සෙනඟෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ වංසගතවලට අසු නොවන පිණිසත් ඇගෙන් ඉවත් ව එන්න.