ගීතාවලිය 136:5 - Sinhala New Revised Version 2018 ප්‍රඥාවෙන් අහස මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. Sinhala New Revised Version ප්‍රඥාවෙන් අහස මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. Sinhala Revised Old Version නුවණින් අහස මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. |
සමිඳුනි, ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාර ද? ඔබ සියල්ල ප්‍රඥාවෙන් මැවූ සේක. පොළොව ඔබ මැවූ සතුන්ගෙන් පිරී ඇත;
සමිඳාණෝ, එසේ ය, අහසත් පොළොවත් මැවූ තැනැන් වහන්සේ, සියොන් සිට ඔබට ආශීර්වාද කරන සේක් වා!
ඔබ මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද? ඔබ මිනිසා ගැන සලකන්නට තරම් ඔහුගේ අගය කුමක් දැ යි මට සිතෙන්නේ ය.
සමිඳාණෝ සිය බලයෙන් පොළොව මැවූ සේක; සිය ඥානයෙන් ලෝකය පිහිටෙව් සේක; සිය නුවණින් අහස පැතිරෙව් සේක.
“සමිඳාණෝ සිය බලයෙන් පොළොව සෑදූ සේක; සිය ප්‍රඥාවෙන් ලෝකය මැවූ සේක. සිය බුද්ධියෙන් අහස විදහා ලූ සේක.