ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට, යළිත් මෙ මම් පැසසුම් දෙමි.
ගීතාවලිය 131:2 - Sinhala New Revised Version 2018 ඒ වෙනුවට මම ලද දෙයින් නිහතමානී ව සැනසී සිටිමි. මවු තුරුල්ලේ සංසුන් ව සිටින ළදරුවෙකු සේ මා තුළ මාගේ සිත සංසුන් වී ඇත. Sinhala New Revised Version ඒ වෙනුවට මම ලද දෙයින් නිහතමානී ව සැනසී සිටිමි. මවු තුරුල්ලේ සංසුන් ව සිටින ළදරුවෙකු සේ මා තුළ මාගේ සිත සංසුන් වී ඇත. Sinhala Revised Old Version සැබවින් මාගේ ආත්මය සනසා නිශ්චලකරගතිමි; කිරිවැරූ ළදරුවෙක් මවු වෙත යම්සේද, මාගේ ආත්මය මා වෙත කිරිවැරූ ළදරුවෙකු මෙන් වේ. |
ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට, යළිත් මෙ මම් පැසසුම් දෙමි.
ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට, යළිත් මෙ මම් පැසසුම් දෙමි.
ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට යළිත් මෙ මම් පැසසුම් දෙමි.
මාගේ සිතට සහනය ඇත්තේ දෙවියන් වහන්සේ තුළ පමණකි; මට ගැළවීම ලැබෙන්නේ එතුමාණන්ගෙන් පමණකි.
ඉශ්රායෙල්හි සුවිශුද්ධ මහෝත්තම දෙවි ස්වාමීන් සිය සෙනඟට කතා කොට, “ආපසු හැරී අවුත් සන්සුන් ව මා කෙරෙහි අදහාගන්න. එවිට නුඹලා ගැළවී, සුරක්ෂිත ව සිටින්නහු ය”යි වදාරන සේක. එහෙත්, නුඹලා එය ප්‍රතික්ෂේප කළහු ය.
සැබැවින් ම මම ඔබට කියමි, යම් කෙනෙකු දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළදරුවෙකු සේ නොපිළිගත්තොත්, ඔහු කිසි සේත් එහි ඇතුළු නොවන්නේ ය”යි ඔවුන්ට වදාළ සේක.
සහෝදරවරුනි, සිහිබුද්ධියෙන් ළාමක නොවන්න. නපුර සම්බන්ධයෙන් බිළිඳුන් වන්න. සිහිබුද්ධියෙන් වැඩිහිටියන් වන්න.
සමිඳාණන් වහන්සේ අද ගුහාවේ දී ඔබ මා අතට පාවා දුන් බව ඔබේ ඇස්වලින් ම මේ දවසේ දී පෙනෙනු ඇත. සමහරු ඔබ මරන්නට කියා මට කී හ. එහෙත්, මම ඔබට කරුණා කෙළෙමි. මන්ද, ‘මාගේ ස්වාමියා සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා බැවින් ඔහුට විරුද්ධ ව මාගේ අත ඔසවන්නේ නැතැ’යි මම කීමි.
දාවිත් දැන් තද අමාරුවකට පත් විය. මන්ද, සෙනඟ සියලු දෙනාගේ සිත් තම තමන්ගේ දරුදැරියන් ගැන ශෝක වූ බැවින් ඔව්හු දාවිත්ට ගල් ගසන්නට තර්ජනය කළහ. එහෙත්, දාවිත් සිය දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි තම ශක්තිය උපදවාගත්තේ ය.