පහන් වන තුරු බලා සිටින මුරකරුන්ට වඩා, එසේ ය, එළිය වැටෙන තුරු බලා සිටින මුරකරුන්ට වඩා මම සමිඳුන් එන තුරු බලා සිටිමි.
අලුයම බලාසිටින මුරකාරයන්ට වඩා, එසේය, අලුයම බලාසිටින මුරකාරයන්ට වඩා, මාගේ ආත්මය ස්වාමීන් කෙරෙහි බලා සිටියි.
මම අලුයමට පෙර නැඟිට මොරගැසීමි; ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තු වීමි.
රෑ කාලේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සිටින සමිඳුන්ගේ සියලු මෙහෙකරුවෙනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
මාගේ සියලු පවින් මා මිදුව මැනව. අනුවණයෝ මට සමච්චල් නොකරත් වා.
යහනේදීත් මම ඔබ ගැන සිතන්නෙමි; රෑ යාමවල දී ඔබ ගැන මෙනෙහි කරන්නෙමි.
මුරකරුවා ද, “ස්වාමීනි, මම රෑ දාවල් දෙක්හි මුර පළේ සිටියෙමි”යි කෑ ගසා කියන්නේ ය.
එකල අප ගල්පරවල හැපේ ය යන බියෙන් ඔව්හු අවරෙන් නැංගුරම් සතරක් දමා, පහන් වන තෙක් ආශාවෙන් බලා සිටියහ.