ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 126:2 - Sinhala New Revised Version 2018

එවිට අපි සිනාවෙන් ඉපිලී ගියෙමු; ප්‍රීතියෙන් ගී ගායනා කෙළෙමු. එවිට, “සමිඳාණෝ මොවුන් උදෙසා ඉමහත් දේ කළ සේකැ”යි විජාතීහු කියන්නට ගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට අපි සිනාවෙන් ඉපිලී ගියෙමු; ප්‍රීතියෙන් ගී ගායනා කෙළෙමු. එවිට, “සමිඳාණෝ මොවුන් උදෙසා ඉමහත් දේ කළ සේකැ”යි විජාතීහු කියන්නට ගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එකල අපේ කට සිනාවෙන්ද අපේ දිව ගායනාවෙන්ද පිරුණේය. එකල: ස්වාමීන්වහන්සේ මොවුන් උදෙසා මහත් දේ කළසේකැයි ජාතීන් අතරේ කියනලද්දේය.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 126:2
21 හුවමාරු යොමු  

ඔව්හු සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින්, “උන් වහන්සේ යහපත් ය; මන්ද, ඉශ්රායෙල් කෙරෙහි උන් වහන්සේගේ කරුණාව සදහට ම පවතින්නේ ය”යි කියමින් ගී ගැයූ හ. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දැමූ නිසා ඔවුන් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළ විට, මුළු සෙනඟ දෙවියන් වහන්සේට මහා ප්‍රශංසා ඝෝෂාවක් නැඟුවෝ ය.


අපේ සියලු සතුරන් ඒ බව ඇසූ විට ද අප අවට සිටි සියලු ජාතීන් එය දුටු විට ද එය විස්මයජනක යැයි සිතා, මේ වැඩය ඉටු වුණේ අපේ දෙවියන් වහන්සේගේ උපකාරයෙන් බව ඔව්හු තේරුම්ගත්හ.


එතුමාණෝ ඔබ මුව සිනා රැල්ලෙන් ද ඔබ දෙතොල සතුටු ගීතයෙන් ද සරසන සේක.


සියොන් කන්දෙන් විමුක්තිය පැමිණියොත් කෙතරම් හොඳ ද? හිමිතුමාණන් සිය සෙනඟට සැප සම්පත දුන් විට, ජාකොබ් පෙළපතට කොපමණ ප්‍රීතියක් ද? ඉශ්රායෙල් සෙනඟට කොපමණ සතුටක් ද?


දෙවිඳුනි, මා ගැළවුම්කාර දෙවිඳුනි, මිනී මැරීමේ අපරාධයෙන් මා මුදාලුව මැනව. එවිට ඔබේ දැහැමි ක්‍රියා ගැන මම උස් හඬින් ගීත ගයන්නෙමි.


සියොන් කන්දෙන් ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය පැමිණියොත් කොතරම් යහපත් ද? දෙවිඳුන් සිය සෙනඟට සැප සම්පත් සලසා දුන් විට, ජාකොබ්ගේ සෙනඟ ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; ඉශ්රායෙල් ජනතාව ප්‍රීති සන්තෝෂ වන්නෝ ය.


අනේ දෙවිඳුනි! ඔබේ දැහැමිකම අහස දක්වා උසස් ය. ඔබ ප්‍රබල ක්‍රියා කළ සේක. ඔබට සමාන අන් කෙනෙක් නැත්තේ ය.


ගැළවීම ලැබූ ඔව්හු ප්‍රීති ඝෝෂා පවත්වමින් සතුටු සිතින් පිනා යමින් ජෙරුසලමට පැමිණෙති. දුකින් හා දොම්නසින් මිදී සදහට ම ප්‍රීති වෙමින් ඔව්හු එහි වෙසෙති.


සමිඳුන් විසින් මුදන ලද්දෝ ගී කියමින් සියොනට පැමිණෙන්නෝ ය. ඔවුන්ගේ ප්‍රීතිය සදහට ම පවතින්නේ ය. ඔව්හු ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යන්නෝ ය. දුක ද සුසුම්ලෑම ද ඔවුන්ගෙන් පහ ව යන්නේ ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජාතීන් අතර අගතැන්පත් ඉශ්රායෙල් ගැන ප්‍රීතියෙන් ගී ගයන්න. ‘සමිඳාණෝ සිය සෙනඟ ගැළවූ සේක; ඉතිරි ව සිටින සෙනඟ මුදාගත් සේක’ කියමින් හඬ නඟා පැසසුම් ගී ගයමින් ප්‍රශංසා කරන්න.


ප්‍රීති ප්‍රමෝද ශබ්ද ද මනාල මනාලියන්ගේ ප්‍රිය තෙපුල් ද මාගේ දේව මාලිගාවට තුති පඬුරු රැගෙන එන ගායකයින්ගේ ගී හඬ ද ඇසෙන්නේ ය. ඔවුන් මෙසේ ගයනු ඇත; ‘සව් බලැති සමිඳුන්ට තුති පුදන්න; එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ පෙම සදාකාලික ය.’ කලින් තිබූ ලෙස මේ දේශය මම යළිත් සෞභාග්‍යවත් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


නුඹලා වටකර ඉතිරි වී ඇති ජාතීන් ද සමිඳාණන් වහන්සේ වන මා විසින් ජරාවාස වූ තැන් ගොඩනඟන්නටත්, පාළු වූ ඉඩම් වවන්නටත් සලසන ලද බව දැනගනු ඇත. සමිඳාණන් වහන්සේ වන මම එය කීවෙමි, එය ඉටු කරන්නෙමි.”


ජාකොබ්ට එරෙහි ව අනවින නැත. ඉශ්රායෙල්ට එරෙහි ව පේන කීමක් ද නැත. ජාකොබ් පෙළපත, ඉශ්රායෙල් පරපුර අමතා, ‘දෙවිඳුන් කෙළේ කුමක් ද’ කියා අසනු ඇත.


මන්ද, ඔවුන් ප්‍රතික්ෂේප කිරීම, ලෝකයා දෙවියන් වහන්සේ හා සමඟි කිරීමට මඟක් වී නම්, ඔවුන් පිළිගැනීම, මරණයෙන් ජීවනය ලැබීමක් විනා, අන් කුමක් වන්නේ ද?