ඉර මුදුන් වේලාවේ එලියා ඔවුන්ට කවටකම් කරමින්, “ශබ්ද නඟා මොරගසන්න, මන්ද, ඔහු දෙවියෙකි. ඔහු කල්පනා කරමින් හෝ බැහැර ගොසින් හෝ ගමනක් යමින් හෝ ඇත. සමහර විට ඔහු නිදාගෙන සිටියි. ඒ නිසා පුබුදු වන්න උවමනා ය”යි කීවේ ය.
ගීතාවලිය 121:4 - Sinhala New Revised Version 2018 ඉශ්රායෙල් ජාතියේ රැකවරණයාණන් හට නිදි බරවීමක් වත්, නිදාගැනීමක් වත් නැත්තේ ය. Sinhala New Revised Version ඉශ්රායෙල් ජාතියේ රැකවරණයාණන් හට නිදි බරවීමක් වත්, නිදාගැනීමක් වත් නැත්තේ ය. Sinhala Revised Old Version බලව, ඉශ්‍රායෙල් ආරක්ෂාකරන තැනන්වහන්සේට නිදිබරවීමක්වත් නිදාගැනීමක්වත් නැත්තේය. |
ඉර මුදුන් වේලාවේ එලියා ඔවුන්ට කවටකම් කරමින්, “ශබ්ද නඟා මොරගසන්න, මන්ද, ඔහු දෙවියෙකි. ඔහු කල්පනා කරමින් හෝ බැහැර ගොසින් හෝ ගමනක් යමින් හෝ ඇත. සමහර විට ඔහු නිදාගෙන සිටියි. ඒ නිසා පුබුදු වන්න උවමනා ය”යි කීවේ ය.
සමිඳාණෝ ගෙය නොසාදන සේක් නම්, එය ඉදි කරන්නෝ නිකරුණේ වෙහෙසෙති. සමිඳාණෝ නගරය රැක බලා නොගන්න සේක් නම්, මුරකරුවෝ නිකරුණේ පිබිද සිටිති.
සමිඳාණන් වහන්සේ මාගේ ආලෝකය හා විමුක්තිය ය; මම කිසිවෙකුට බිය නොවෙමි. හිමිතුමාණෝ මාගේ ජීව ශක්තිය ය; මට භීතියක් නැත.
“එහි රැකවරණයාණෝ සමිඳාණන් වන මම ය. මම එය ජලයෙන් නිතර සාරවත් කරන්නෙමි. කිසිවෙකු එයට හානි නොකරන පිණිස මම එය මුර කරන්නෙමි.
ඔවුන් දිවා රෑ දෙක්හි දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සේවය කරමින් උන් වහන්සේගේ සිංහාසනය ඉදිරියේ සිටින්නේ ඒ හෙයිනි. සිංහාසනයේ වැඩ හිඳින තැනැන් වහන්සේ ඔවුන් සමඟ වැඩ වසන සේක.