ගීතාවලිය 119:40 - Sinhala New Revised Version 2018 ඔබේ නියෝගයන්ට ආශා වීමි. ඔබේ දැහැමි බවෙහි මා ප්‍රාණවත් කළ මැනව. Sinhala New Revised Version ඔබේ නියෝගයන්ට ආශා වීමි. ඔබේ දැහැමි බවෙහි මා ප්‍රාණවත් කළ මැනව. Sinhala Revised Old Version ඔබගේ නියෝගවලට ආශාවීමි. ඔබගේ ධර්මිෂ්ඨකමෙහි මා ප්‍රාණවත් කළ මැනව. |
ඔබේ ප්‍රේමය ස්ථිර නිසා මාගේ හඬ ඇසුව මැනව. සමිඳුනි, ඔබේ යුක්තිය ලෙස මා දිවි රැකගත මැනව.
ඔබේ නියෝගවලට මා ප්‍රේම කරන හැටි සිතා බැලුව මැනව. සමිඳුනි, ඔබේ පෙම තිර නිසා මට නව දිවියක් දුන මැනව.
ඔබ පරික්ෂාවට නොවැටෙන පිණිස අවදි ව සිට යාච්ඤා කරන්න. හිත නම් කැමැති ය; ගත නම් දුබල ය”යි වදාළ සේක.
එකෙණෙහි ම දරුවාගේ පියා, “මම අදහමි, මාගේ ඇදහිල්ල මදිකම ගැන පිහිටවුව මැනවැ”යි මොරගා කීවේ ය.
සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණකි. මා පැමිණියේ ඔවුන් හට ජීවනය ලැබෙන පිණිස ය. සපුරා ම එය ලැබෙන පිණිස ය.
පියාණන් වහන්සේ මළවුන් උත්ථාන කොට ජීවත් කරවන්නාක් මෙන්, පුත්‍රයාණෝ ද තමන්ට අභිමත වූවන් ජීවත් කරවන සේක.
එසේ ම ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති පරිදි: “පළමු මිනිසා වන ආදම් ජීවමාන කෙනෙක් විය.” අන්තිම ආදම් ජීවනදායක ආත්මයාණන් කෙනෙක් වූ හ.
ප්‍රේමවන්ත සහෝදරවරුනි, මෙවැනි පොරොන්දු අපට ඇති බැවින් සිත කය කෙලෙසන සියලු දෙයින් වැළකී අප ම පවිත්‍ර කරගනිමින් දේව ගරුබිය ඇති ව අපගේ ශුද්ධවන්තකම පරිපූර්ණ කරගනිමු.
මන්ද, මාංසික තෘෂ්ණා ආත්මයාණන් වහන්සේට විරුද්ධ ය. ආත්මයාණන් වහන්සේ ද මාංසික තෘෂ්ණාවලට විරුද්ධ ය. දෙපක්ෂය අතර ඇති මේ විරෝධය නිසා, ඔබ කැමැති දේ ඔබට කළ නොහැකි ය.
අපේ වැරදි ක්‍රියා හේතුකොටගෙන අප මැරී සිටිය දී පවා, ක්‍රිස්තුන් වහන්සේ සමඟ අප ජීවත් කර වදාළ සේක. ඔබ ගැළවී සිටින්නේ දේව වරප්‍රසාදයෙන් ය.
මාගේ හිත මිතුර, ඔබ ආධ්‍යාත්මික ලෙස යහතින් සිටින්නාක් මෙන් සියල්ලේ දී යහතින් සිටින ලෙස ද, නිදුක් නීරෝගී ව සිටින ලෙස ද යාච්ඤා කරමි.