වංචනික කිසිවෙක් මාගේ නිවෙසෙහි නොවසන්නේ ය. මුසාවාදී කිසිවෙක් මා ඉදිරියෙහි නොසිටින්නේ ය.
ගීතාවලිය 119:163 - Sinhala New Revised Version 2018 මුසාවට ද්වේෂ කරමි; එය පිළිකුල් කරමි. එහෙත්, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරමි. Sinhala New Revised Version මුසාවට ද්වේෂ කරමි; එය පිළිකුල් කරමි. එහෙත්, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරමි. Sinhala Revised Old Version බොරුවට වෛරකොට පිළිකුල් කරමි; නුමුත් ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරමි. |
වංචනික කිසිවෙක් මාගේ නිවෙසෙහි නොවසන්නේ ය. මුසාවාදී කිසිවෙක් මා ඉදිරියෙහි නොසිටින්නේ ය.
වංක ක්‍රියා මා කෙරෙන් දුරින් දුරු කළ මැනව. ඔබේ ව්‍යවස්ථාව අනුව ජීවත් වීමට මට වරම් දුන මැනව.
වංචාවත් මුසාවත් මා කෙරෙන් දුරු කළ මැනව. මට දිළිඳුකම වත් පොහොසත්කම වත් නුදුන මැනව. මට වුවමනා පමණට ආහාර දුන මැනව.
නපුරට ද්වේෂ කරන්න, යහපතට ප්‍රිය කරන්න, උසාවිය මඟින් යුක්තිය ඉටු කරවන්න. සමහරවිට, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මේ රටේ ඉතිරි ව සිටින ජනයාට කරුණා කරනු ඇත.
එබැවින් බොරු කීම අත්හැරදමා, අසල්වාසි එකිනෙකා සමඟ සත්‍යය කතා කරන්න. මන්ද, අපි එකිනෙකා අන්‍යොන්‍ය අවයවයෝ වෙමු.
එහෙත් නුවරින් පිටත සිටින්නෝ නම් බල්ලෝ ද අනවින කරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද මිනී මරන්නෝ ද රූප වඳින්නෝ ද මුසාවට ප්‍රිය කොට එය භාවිත කරන්නෝ ද යන මොවුහු ය.