මම මුළු හදවතින් යාච්ඤා කෙළෙමි. සමිඳුනි, මට පිළිතුරු දුන මැනව. ඔබේ අණපනත් මම පිළිපදින්නෙමි.
මම මුළු හදවතින් යාච්ඤා කෙළෙමි. සමිඳුනි, මට පිළිතුරු දුන මැනව. ඔබේ අණපණත් මම පිළිපදින්නෙමි.
මම මුළු සිතින් යාච්ඤාකෙළෙමි; ස්වාමිනි, මට උත්තරදුන මැනව. ඔබගේ පනත් රක්ෂාකරන්නෙමි.
සමිඳාණන් වහන්ස, මාගේ යැදුම ඇසුව මැනව. මාගේ මොරගැසීම ඔබ වෙත පැමිණේ වා!
මාගේ මුළු සිතින් ඔබ සෙවීමි; ඔබේ ආඥාවලට පිටුපා යන්නට මට ඉඩ නුදුන මැනව.
‘ඔබේ දැහැමි නියමයන් පිළිපදින්නෙමි’යි දිවුළෙමි. මම ඒවා ඉටු කෙළෙමි.
දුදනෙනි, මා වෙතින් පලා යන්න. මම මාගේ දෙවිඳුන්ගේ ආඥාවන් පිළිපදිමි.
මෙසේ ඔබේ ව්‍යවස්ථාව සදහට ම නොකඩවා පිළිපදින්නෙමි.
මාගේ මුළු සිතින් ඔබේ කරුණාව ඉල්ලමි. ඔබේ පොරොන්දුව පරිදි මට කරුණා කළ මැනව.
ඔබේ පනත් පිළිපදින්නෙමි; මා කිසි දා අත් නොහැරිය මැනව.
ජනයෙනි, දෙවිඳාණන් තුළ සැමදා විශ්වාසය තබන්න; එතුමාණෝ අප සරණය වන සේක. එතුමාණන් අබිමුව ඔබේ දුක්ගැනවිලි පවසන්න.
ඔබේ දාසයාගේ සිත ප්‍රීතිමත් කළ මැනව. මන්ද, මාගේ සමිඳුනි, මම ඔබට යාච්ඤා කරමි.
නුඹලා මා සොයන්නහු ය. නුඹලා මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බ වනු ඇත.
හන්නාගේ සිත ශෝකයෙන් පිරී තිබිණි. ඈ සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් අඬ අඬා සිටියා ය.
හන්නා උත්තර දෙමින්, “මාගේ ස්වාමීනි, එසේ නොවේ; මුද්‍රික පානය වත් සැර බීමක් වත් මම නොබීවෙමි. මම ශෝක සිතක් ඇති ස්ත්‍රියක්මි. සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් මාගේ දුක් ගැනවිලි උන් වහන්සේ ඉදිරියෙහි වැගිර වූයෙමි.