මන්ද, සමිඳාණෝ යහපත් ය; එතුමාණන්ගේ ප්‍රේමය ස්ථිර ය; සදහට ම පවත්නේ ය. පරපුරෙන් පරපුරට එතුමාණන්ගේ විශ්වාසවන්තකම පවත්නේ ය.
ගීතාවලිය 118:4 - Sinhala New Revised Version 2018 “සමිඳුන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි එතුමාණෝ කෙරෙහි ගරුබිය ඇත්තෝ දැන් කියත් වා! Sinhala New Revised Version “සමිඳුන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි එතුමන් කෙරෙහි ගරුබිය ඇත්තෝ දැන් කියත් වා! Sinhala Revised Old Version ස්වාමීන්ගේ කරුණාව සදාකාලයට පවත්නේයයි උන්වහන්සේ කෙරෙහි භය ඇත්තෝ දැන් කියත්වා. |
මන්ද, සමිඳාණෝ යහපත් ය; එතුමාණන්ගේ ප්‍රේමය ස්ථිර ය; සදහට ම පවත්නේ ය. පරපුරෙන් පරපුරට එතුමාණන්ගේ විශ්වාසවන්තකම පවත්නේ ය.
හිමි සමිඳාණන්ට ගරුබිය ඇත්තෙනි, එතුමාණෝ පසසන්න; ජාකොබ් වංශයේ සියල්ලෙනි, එතුමාණන්ට ගෞරවය දෙන්න; ඉශ්රායෙල් වංශයේ සියල්ලෙනි, එතුමාණෝ ඉදිරියෙහි ගරු බියෙන් සිටින්න;
තවද, “අපේ දෙවියන් වහන්සේගේ සියලු සේවකයෙනි, උන් වහන්සේට බිය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කියන හඬක් සිංහාසනයෙන් නික්මිණි.