ඔව්හු මහා සභාව මැද එතුමාණන්ගේ ශ්‍රේෂ්ඨත්වය පසසත් වා! ප්‍රජා මූලිකයන්ගේ රැස්වීමේ දී එතුමාණන්ට ප්‍රශංසා කරත් වා!
ගීතාවලිය 109:30 - Sinhala New Revised Version 2018 මාගේ මුවින් සමිඳුන්ට බොහෝ සෙයින් තුති කරන්නෙමි; එසේ ය, මහා සභාවේ දී එතුමාණන්ට ප්‍රශංසා කරන්නෙමි. Sinhala New Revised Version මාගේ මුවින් සමිඳුන්ට බොහෝ සෙයින් තුති කරන්නෙමි; එසේ ය, මහා සභාවේ දී එතුමන්ට ප්‍රශංසා කරන්නෙමි. Sinhala Revised Old Version මාගේ මුවෙන් ස්වාමීන්ට බොහෝසෙයින් ස්තුතිකරන්නෙමි; එසේය, සමූහයා අතරේදී උන්වහන්සේට ප්‍රශංසාකරන්නෙමි. |
ඔව්හු මහා සභාව මැද එතුමාණන්ගේ ශ්‍රේෂ්ඨත්වය පසසත් වා! ප්‍රජා මූලිකයන්ගේ රැස්වීමේ දී එතුමාණන්ට ප්‍රශංසා කරත් වා!
සමිඳාණන් වහන්සේ පසසන්න, දැහැමියන්ගේ සමාගමේ දී ද සභාවේ දී ද මාගේ මුළු සිතින් සමිඳුන්ට ස්තුති කරන්නෙමි.
සමිඳාණන් වහන්ස, හද පත්ලෙන් ඔබට තුති කරන්නෙමි. දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගී ගයා ඔබ පසසන්නෙමි.
සමිඳාණන් වහන්ස, හද පත්ලෙන් මම ඔබ හට තුති පුදමි; ඔබ කළ හැම අසිරිමත් ක්‍රියා පතුරා හරින්නෙමි;
“මම මාගේ සහෝදරයන්ට ඔබගේ නාමය ප්‍රකාශ කරන්නෙමි, සබ මැද ඔබට පැසසුම් ගී ගයන්නෙමි”යි වදාරන සේක.