රාජ ජයකොන්තය හිමි තැනැත්තා එන තෙක්, ජුදා කෙරෙන් එය පහනොවේ. රාජ යෂ්ටිය ඔහු පා අතරින් පහනොවේ. ජනතාවෝ ඔහුට කීකරු වෙති,
ගීතාවලිය 108:8 - Sinhala New Revised Version 2018 ගිලියද් සහ මනස්සේ යන රටවල් මාගේ ය; එප්‍රායිම් දේශය මාගේ හිස් වැස්ම වන්නේ ය; ජුදා පෙදෙස මාගේ රාජකීය ජයකොන්තය වන්නේ ය; Sinhala New Revised Version ගිලියද් සහ මනස්සේ යන රටවල් මාගේ ය; එප්‍රායිම් දේශය මාගේ හිස් වැස්ම වන්නේ ය; ජුදා පෙදෙස මාගේ රාජකීය ජයකොන්තය වන්නේ ය; Sinhala Revised Old Version ගිලියද් මාගේය; මනස්සේ මාගේය; එප්‍රායිම්ද මාගේ හිසට ආරක්ෂාවය; යූදා මාගේ ජයකොන්තයය. |
රාජ ජයකොන්තය හිමි තැනැත්තා එන තෙක්, ජුදා කෙරෙන් එය පහනොවේ. රාජ යෂ්ටිය ඔහු පා අතරින් පහනොවේ. ජනතාවෝ ඔහුට කීකරු වෙති,
තවද, නේර්ගේ පුත්, සාවුල්ගේ සේනාපති වූ අබ්නේර් සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් කැඳවාගෙන මහනයිම්ට ගොස්,
ඔහු හෙබ්‍රොන්හි ජුදෙව්වරුන් කෙරෙහි රජකම් කෙළේ සත් අවුරුදු හය මාසයකි; ජෙරුසලමේ ඔහු සියලු ඉශ්රායෙල්වරුන් ද ජුදෙව්වරුන් ද කෙරෙහි රජකම් කෙළේ තිස්තුන් අවුරුද්දකි.
ඔවුන්ගේ මහිමය, ගව කුලුඳුලාගේ මහිමය මෙන් ය; ඒ බලය, කුළු හරකාගේ අං මෙන් ය. ඒ බලයෙන් පොළොවේ කෙළවරට ඔහු, ජනයා නෙරපාදමයි. එප්‍රායිම්ගේ පරපුරෙහි දස දහස ද මනස්සේගේ පරපුරෙහි දහස් ගණන ද මේ ජනයා වෙති.”
පිලිස්තිවරු එක්රැස් වී අවුත්, ෂූනෙම්හි කඳවුරු බැඳගත්තෝ ය. සාවුල් ද සියලු ඉශ්රායෙල්වරුන් රැස් කෙළේ ය. ඔව්හු ගිල්බෝවාහි කඳවුරු බැඳගත්හ.