ගීතාවලිය 107:23 - Sinhala New Revised Version 2018 සමහරු නැව්වලින් සමුදුර තරණය කරති; මෙලෙස සිය ජීවිකාව සඳහා වෙළෙඳාම් කරති. Sinhala New Revised Version සමහරු නැව්වලින් සමුදුර තරණය කරති; මෙලෙස සිය ජීවිකාව සඳහා වෙළෙඳාම් කරති. Sinhala Revised Old Version නැව්වලින් මුහුදේ යන්නාවූ, මහත් ජලයේ වැඩකරන්නාවූ තැනැත්තෝ |
සමිඳුන් හට නව ගීයක් ගයන්න. මුළු ලොව පුරා පැසසුම් පතුරුවා හරින්න. මුහුදේ යාත්‍රා කරන, එහි ජීවත් ව සිටින, ද්වීප හා මුහුදුබඩ වැසියෙනි, සමිඳුන් හට පැසසුම් කරන්න.
“ ‘නුඹේ හබල්කාරයෝ මුහුදේ ගැඹුරට නුඹ පැමිණෙවුවෝ ය. නුඹ මුහුද මැද දී පෙරදිග සුළඟට අසු වීමෙන් නුඹේ නැව් මුහුදුබත් වුණා ය.
එක පැයකින් මෙපමණ මහා ධන සම්භාරයක් නැති වී ගිය හැටි!”යි කියමින් හඬා වැලපෙති. සියලු නැව්පතියෝ ද මගීහු ද නාවිකයෝ ද මුහුදෙන් ජීවිකාව කරගන්නෝ ද, ඈතින් සිට, ඈ දවාලන ගින්නේ දුම දැක,