දෙවියන් වහන්සේ නෝවා ද, ඔහු සමඟ නැවේ සිටි සියලු වන මෘගයන් හා ගවමහිෂයන් ද සිහි කර, පොළොව මත සුළඟක් හමන්නට සැලැසූ සේක. ගංවතුර ක්‍රමයෙන් බැස ගියේය.
ගීතාවලිය 104:7 - Sinhala New Revised Version 2018 ඔබේ තරවටුවෙන් ජලය පලා ගියේ ය; ඔබේ තර්ජනයෙන් එය යුහුව ගලා ගියේ ය. Sinhala New Revised Version ඔබේ තරවටුවෙන් ජලය පලා ගියේ ය; ඔබේ තර්ජනයෙන් එය යුහුව ගලා ගියේ ය. Sinhala Revised Old Version ඔබගේ තරවටුවෙන් ඒවා පලාගියේය; ඔබගේ ගර්ජනා ශබ්දයට ඒවා යුහුව ගියේය. |
දෙවියන් වහන්සේ නෝවා ද, ඔහු සමඟ නැවේ සිටි සියලු වන මෘගයන් හා ගවමහිෂයන් ද සිහි කර, පොළොව මත සුළඟක් හමන්නට සැලැසූ සේක. ගංවතුර ක්‍රමයෙන් බැස ගියේය.
එතුමාණෝ රතු මුහුදට තරවටු කළ සේක; එය වියළුණේ ය. වැලිකතරක් මැදින් මෙන් මුහුද මැදින් ඔවුන් ගෙන ගිය සේක.
සමිඳුනි, ඔබේ තරවටු කිරීමෙන් ද ඔබේ නාසයේ හුස්මේ වේගයෙන් ද සත් සමුදුර හෙළි පෙහෙළි විය.
ඔබේ හෙණ හඬ අහස් කුසේ ගිගුම් දිනි. විදුලි කෙටීම් ලොව එළි කෙළේ ය. පොළොව කම්පා වී දෙදරා ගියේ ය.
උන් වහන්සේ අවදි ව සුළඟට තර්ජනය කොට, “නිශ්ශබ්ද වෙව, නිශ්චල වෙව”යි මුහුදට අණ කළ සේක. සුළඟ නැවතිණි. මහා නිශ්චලයක් විය.