ගීතාවලිය 102:25 - Sinhala New Revised Version 2018 ආදියේ දී ඔබ පොළොවේ පදනම ලූ සේක. අහස් ගැබ ඔබේ දෑතින් සාදන ලද්දේ ය. Sinhala New Revised Version ආදියේ දී ඔබ පොළොවේ පදනම ලූ සේක. අහස් ගැබ ඔබේ දෑතින් සාදන ලද්දේ ය. Sinhala Revised Old Version ආදියෙහි ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක; ආකාශය ඔබගේ අත් වැඩය වේ. |
කඳු හෙල් ඇති වන්නට පෙර සිට ඔබ පොළොව ද සකල ලොව ද මවන්නට පෙර සිට සදාකාලයෙන් සදාකාලයට ම ඔබ දෙවියන් වහන්සේ වන සේක.
අහෝ සමිඳුනි! ඔබේ සතුරෝ එසේ ය, ඔබේ සතුරෝ වනසනු ලබන්නෝ ය. සියලු නපුරුකම් කරන්නෝ විසුරුවනු ලබන්නෝ ය.
මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද, සමුද්‍රය ද, ඒවායේ ඇති සියල්ල ද සාදා, සත් වන දවස නිවාඩු ගත්තෙමි. එබැවින් උන් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට එය විශුද්ධ කළ සේක.
“මාගේ ජීවිතයේ මේ උපරිම කාලයේ දී ජීවිතයේ ඉතිරි කොටස ගෙවන පිණිස පාතාල ලෝකයට යන්න මට සිදුවේ ය කියා මම සිතුවෙමි.
“මහෝත්තම දෙවි ස්වාමීනි! ඔබේ මහත් බලයෙන් ද පරාක්‍රමයෙන් ද ඔබ අහසත් පොළොවත් මැවූ සේක. ඔබට බැරි කිසි දෙයක් නැත්තේ ය.