ගීතාවලිය 10:11 - Sinhala New Revised Version 2018 “දෙවිඳුන් මෙතන නැත; එතුමාණන් මුහුණ වසාගෙන ඇත. කිසි කලක එය නොදකිනු ඇතැ”යි ඔහු සිතින් සිතාගනියි. Sinhala New Revised Version “දෙවිඳුන් මෙතන නැත; එතුමාණන් මුහුණ වසාගෙන ඇත. කිසි කලක එය නොදකිනු ඇතැ”යි ඔහු සිතින් සිතාගනියි. Sinhala Revised Old Version ඔහු කථාකොට: දෙවියන්වහන්සේට මතකනැතිවිය; උන්වහන්සේ මුහුණ සඟවාගන්නාසේක; උන්වහන්සේ කිසිකලෙක එය නොදක්නේයයි සිතින් කියයි. |
දුෂ්ට අරමුණු සඳහා ඔව්හු එකිනෙකාට අනුබල දෙන්නෝ ය; ඔවුන්ගේ උගුල කොතැන සඟවා අටවන්න දැ යි සාකච්ඡා කරන්නෝ ය. “අප දකින කෙනෙක් නැතැ”යි ඔව්හු සිතන්නෝ ය.
“අපේ අපරාධ සොයා ගත හැක්කේ කවරෙකුට ද? අපි කෛරාටික ලෙස උගුලක් ඇටවීමු.” මන්ද මනුෂ්‍යයාගේ සිතුවිලි හා අභ්‍යන්තරය ඉතා ගැඹුරු බැවිනි.
ඔව්හු කතා කොට, “දෙවිඳාණෝ කෙසේ දන්න සේක් ද? මහෝත්තමයාණන්ට දැනුමක් ඇත්තේ දැ”යි විමසන්නෝ ය.
“සමිඳුන් හට අප පෙනෙන්නේ නැත; ජාකොබ්ගේ දෙවිඳාණෝ අප ගැන නොසලකන සේකැ”යි ඔව්හු කියන්නෝ ය.
නපුරු ක්‍රියාවකට විරුද්ධ ව නඩු තීන්දුව ඉක්මනින් ඉටු නොවන නිසා මිනිසුන්ගේ සිත් නපුර කිරීමට ඇදී යන්නේ ය.
එවිට උන් වහන්සේ කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයේ ප්‍රජා මූලිකයන් අන්ධකාරයෙහි එක එකා තම තමාගේ රූප ඇති ගබඩාවල දී කරන දේ දුටුවෙහි ද? කුමක් නිසා ද ‘සමිඳාණන් වහන්සේ අප දකින්නේ නැත; සමිඳාණන් වහන්සේ දේශය අත්හැරිය සේකැ’යි ඔව්හු කියති”යි මට වදාළ සේක.
එවිට උන් වහන්සේ උත්තර දෙමින්, “ඉශ්රායෙල් සහ ජුදා සෙනඟගේ අපරාධ ඉමහත් ය; දේශය ලෙයින් පිරී තිබේ. නුවර ද අයුක්තියෙන් පිරී තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ දේශය අත්හැරිය සේක’ කියා ද ‘උන් වහන්සේ නොදක්නා සේක’ කියා ද ඔව්හු කියති.
ඔවුන් කරන සියලු නපුරු දේ මා අමතක නොකරන බව ඔවුන්ගේ සිහියට නොනැඟේ. පාපයෙන් වට වී සිටින ඔවුන්ට මාගේ ඇස් හමුවෙන් සැඟවෙන්න බැරි ය.”
උන් වහන්සේට ආරාධනා කළ පරිසිවරයා ඒ දැක: “මොහු දිවැසිවරයෙක් නම් තමාගේ ඇඟට අත තබන මේ පව්කාර ස්ත්‍රිය කවර තැනැත්තියක් ද කෙබඳු අඟනක් ද කියා දැනගනු ඇතැ”යි සිය සිතින් සිතුවේ ය.