ගලාති 2:4 - Sinhala New Revised Version 2018 මේ ප්‍රශ්නය මතු වූයේ කිතුනු සහභාගිකම තුළ අප භුක්ති විඳින නිදහස ගැන ඔත්තු බලන්න අප අතරට රිංගාගත් ව්‍යාජ ක්‍රිස්තියානීන් නිසා ය. මොවුන් අප වහල් කරගැනීමට තැත් කළ නමුත් Sinhala New Revised Version මේ ප්‍රශ්නය මතු වූයේ කිතුනු සහභාගිකම තුළ අප භුක්ති විඳින නිදහස ගැන ඔත්තු බලන්න අප අතරට රිංගාගත් ව්‍යාජ ක්‍රිස්තියානීන් නිසා ය. මොවුන් අප වහල් කරගැනීමට තැත් කළ නමුත් සිංහල කාලීන පරිවර්තනය ප්‍රශ්නය පැන නැගුණේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අප භුක්ති විඳින නිදහස ගැන ඔත්තු බලා, වහලුන් බවට අප පැමිණවීමේ අරමුණින්, හොර රහසේ අප අතරට රිංගා ගත් ව්‍යාජ සහෝදරයින් හේතුවෙනි. Sinhala Revised Old Version ඔව්හු ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අපට ඇත්තාවූ නිදහස්කම ගැන ඔත්තු බලා, අප වහල්කමට පමුණුවන පිණිස රහසින් ඇතුල්වුණෝය. |
ඒ කුසලාන නුඹලාට පීඩා කළ අයට එනම්, ‘අප විසින් නුඹලා පාගාගෙන යනු පිණිස බිම වැටී සිටින්නැ’යි කියමින් නුඹලාගේ පිටවල් පාරක් මෙන් සලකා ඒවා උඩින් ගිය අයට එය දෙන්නෙමි.”
ජුදයෙන් සමහර දෙනෙක් අවුත්, “මෝසෙස්ගෙන් පැවත එන සිරිත ලෙස ඔබ චර්මඡේදනය කරනු නොලැබුවහොත් ඔබට ගැළවීම ලැබිය නොහැකි ය”යි සහෝදරයන්ට ඉගැන්වූ හ.
අපේ අනුමැතිය නොලත් සමහරෙකු අප අතරෙන් පිටත් ව ගොස්, නොයෙක් දේ කියා ඔබ කළඹමින් ඔබගේ සිත් අවුල් කළ බව අපි ඇසීමු.
ඔබ අතරෙන් සමහරුන් ඉදිරිපත් ව, තමන් අනුව යන්නට ශ්‍රාවකයන් ඇදගන්නා පිණිස දුර්මත පළ කරනු ඇත.
මන්ද, ඔබ ලබා ඇත්තේ නැවතත් බිය ගෙන දෙන වහල් සේවයේ තත්ත්වය නොව, “අබ්බා, පියාණෙනි”යි අමතා යාච්ඤා කිරීමට ඉඩ ඇති පුත්‍රකම ලැබීමේ තත්ත්වයකි.
එබඳු අය ව්‍යාජ අපෝස්තුළුවරු ය, ක්‍රිස්තුන් වහන්සේගේ අපෝස්තුළුවරු මෙන් වෙස් වළාගත් වංචනික සේවකයෝ ය.
සැක නැති ව පාරට්ටු කරගැනීමේ දී මා කියන දේ, සමිඳාණන් වහන්සේගේ කැමැත්ත අනුව නොව අඥානකමකින් මෙන් පවසන්නකි.
යමෙකු ඔබ වහල්කොට ගත්තත්, ගසාකෑවත්, කොන්කළත්, හෙළා දැක්කත්, ඔබේ මුහුණට පහර දුන්නත් ඔබ ඉවසන්නහු ය.
මාගේ අනේක ගමන්වල දී, ගංගා උවදුරුවලට ද සොර උවදුරුවලට ද ස්වජාතික ජුදෙව්වරුන්ගෙන් පැමිණි උවදුරුවලට ද විජාතිකයන්ගෙන් පැමිණි උවදුරුවලට ද නගරවල උවදුරුවලට ද වනයෙහි උවදුරුවලට ද මුහුදේ උවදුරුවලට ද ව්‍යාජ සහෝදරයන්ගෙන් පැමිණෙන උවදුරුවලට ද භාජන වුණෙමි.
ඒ සමිඳාණන් වහන්සේ ශුද්ධාත්මයාණෝ වන සේක. සමිඳාණන් වහන්සේගේ ආත්මයාණන් යම් තැනක ද, එතැන නිදහස ඇත.
වෙන සුබ අස්නක් නම් නැත. එහෙත් මා එසේ කියන්නේ ඔබ කළඹා ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න අවුල් කරන ඇතැමුන් සිටින නිසා ය.
සීනයි කන්ද අරාබියෙහි ඇත. එය දැන් තිබෙන ජෙරුසලමට අදාළ වේ. මන්ද, ඈ තමාගේ දරුවන් සමඟ දාස කමෙහි සිටින්නී ය.
ක්‍රිස්තුන් වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමට ය. එබැවින් දාසකම නමැති වියගහකට නැවත යටත් නොවී ස්ථිර ව සිටින්න.
ඔබ මට වඩා වෙනස් ආකාරයකින් කල්පනා නොකරන බවට ස්වාමීන් කෙරෙන් වන සහතිකයක් මට ඇත. ඔබ වියවුල් කරන තැනැත්තා කවරෙක් වුවත්, ඔහු තමාට හිමි දඬුවම ලබනු ඇත.
එහෙත් නිදහස ගෙනදෙන සර්ව සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස මැනැවින් බලා, එය අසා අමතක කරන්නෙකු නොවී එය ක්‍රියාවෙහි යොදමින් ඒ අනුව ජීවත් වන තැනැත්තේ එසේ කිරීමෙන් ආසිරි ලබන්නේ ය.
නිදහස් අය මෙන් ජීවත් වන්න. එහෙත් ඒ නිදහස, නපුර වසා ගැනීමට මඟක් කර නොගෙන දෙවියන් වහන්සේගේ දාසයන් මෙන් එය භාවිත කරන්න.
තමන් ම දූෂ්‍යකමට වහල් ව සිටින ඔව්හු, අන්‍යයන්ට නිදහස දීමට පොරොන්දු වෙති. මන්ද, යමකට වසඟ වන තැනැත්තා, එයට වහලෙක් වෙයි.
ප්‍රේමවන්තයෙනි, තමන්ට ආත්මයාණන් ඇතැ යි කියන හැම කෙනෙකු ම විශ්වාස නොකොට, ඔවුන්ට ආත්මයාණන් ලැබී ඇත්තේ දෙවියන් වහන්සේගෙන් දැ යි පරීක්ෂා කර බලන්න. එසේ කියන්නේ, බොරු දිවැසිවරුන් බොහෝ දෙනෙකු ලෝකයේ විසිර ගොස් සිටින නිසා ය.
මන්ද, බොහෝ කලකට පෙර දඬුවමට නියම කරනු ලැබූ, අභක්තික මිනිසුන් සමහර දෙනෙක්, ඔබ නොදැනුවත් ව ම ඔබට නොදැනෙන පරිද්දෙන් ඔබ අතරට රිංගාගෙන සිටිති. මොවුහු අපගේ දෙවියන් වහන්සේගේ කරුණාව, අවකල්ක්‍රියාවට මඟක් කරගනිමින්, අපගේ එක ම අධිපතියාණන් ද ස්වාමීන් ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ප්‍රතික්ෂේප කරති.