Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 20:30 - Sinhala New Revised Version 2018

30 ඔබ අතරෙන් සමහරුන් ඉදිරිපත් ව, තමන් අනුව යන්නට ශ්‍රාවකයන් ඇදගන්නා පිණිස දුර්මත පළ කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 ඔබ අතරෙන් සමහරුන් ඉදිරිපත් ව, තමන් අනුව යන්නට ශ්‍රාවකයන් ඇදගන්නා පිණිස දුර්මත පළ කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

30 ඔබ කණ්ඩායමේ ඇතමුන් ද නැගිට ගෝලයින් ඔවුන්ගේ පැත්තට නම්මා ගන්නට සත්‍යය විකෘති කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 නුඹලා අතරෙන්ම මනුෂ්‍යයන් නැගිට, තමුන් පස්සේ යන්ට ගෝලයන් ඇදගන්නා පිණිස කාරණා පෙරළා කථාකරනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 20:30
23 හුවමාරු යොමු  

මේ ක්‍රිස්තු-විරෝධීන් අපෙන් වෙන් ව ගිය නමුත් අපට අයිති ව සිටියේ නැත. ඔවුන් අපට අයිති ව සිටියා නම්, අප සමඟ නැවතී සිටිනු ඇත. එහෙත් ඔවුන් වෙන් වී ගිය කරුණෙන් පෙනෙන්නේ ඔවුන්ගෙන් කිසිවෙකුවත් අපට සැබෑ ලෙස අයිති නුවූ බව ය.


එවිට ඔබේ ඇස අද්භූත දේ දකියි; ඔබේ කට විලම්බීත දොඩවයි.


ඔහු හමු වී, අන්තියෝකියට කැඳවාගෙන ආවේ ය. ඔව්හු අවුරුද්දක් මුළුල්ලෙහි ම සභාව හා එක්රැස් ව, මහත් සමූහයකට ඉගැන්වූ හ. ‘ක්‍රිස්තියානි’ යන නාමය ශ්‍රාවකයනට පළමුකොට දෙනු ලැබූයේ අන්තියෝකියේ දී ය.


අවංක ගතිගුණ ඇති දිළිඳා වංචා කතා කියන මෝඩයාට වඩා උතුම් ය.


එහෙත් ඔබේ වාසියට එක දෙයක් ඇත. එනම්, මා මෙන් ම ඔබත් නිකොලයිතයන්ගේ ක්‍රියාවලට ද්වේෂ කිරීම ය.


ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මනුෂ්‍යයෙකු වූ බව නොපිළිගන්නා බොහෝ රැවටිලිකාරයෝ ලොව පුරා විසිර ගොස් සිටිති. මොවුහු රැවටිලිකාරයෝ ය, ක්‍රිස්තු-විරෝධියෝ ය.


ඔව්හු අහංකාර නිෂ්ඵල වචන දොඩමින්, වරදෙහි වසන්නන් කෙරෙන් යන්තම් ගැළවී යන අය, කාම තෘෂ්ණාවෙන් පොළඹවා ගනිති.


මිථ්‍යා අදහස් ඇති, සත්‍යය නොදන්න, දේව භක්තිය ලාභයට මඟකැ යි සිතන මිනිසුන්ගෙන් කෙළවරක් නැති වාද විවාද ද උපදින්නේ ය.


තවද ඔව්හු, ගෙන්-ගෙට යමින් අලස වීමට පුරුදු වෙති. අලස වෙනවා පමණක් නොව, වාචාලකමින් අනුන්ගේ දේවලට ඇඟිලි ගැසීමට ද, නුසුදුසු දේ දෙඩීමට ද පුරුදු වෙති.


එසේ නම් මෑත දී කැරැල්ලක් ඇති කර, ත්‍රස්තවාදීන් සාරදහසක් වනයට ගෙන ගිය මිසර ජාතිකයා ඔබ නොවේ දැ”යි ඇසී ය.


“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, එක් කෙනෙකු ආගමට හරවා ගන්න පිණිස ඔබ මුහුදෙන් හා ගොඩින් හැම තැන ම ගමන් කරන්නහු ය. එසේ හරවාගත් පසු, ඔහු ඔබ මෙන් තව දෙගුණයක් නිරාදුකට සුදුස්සෙකු කරන්නහු ය.


නුඹලාගේ අත්වල ලේ තැවරී ඇත. නුඹලාගේ ඇඟිලි අපරාධවලින් කිළුටු වී ඇත; තොල්වලින් නුඹලා බොරු කියා ඇත; දිවෙන් නුඹලා නපුරු දේ පවසා ඇත.


එබඳු අය ව්‍යාජ අපෝස්තුළුවරු ය, ක්‍රිස්තුන් වහන්සේගේ අපෝස්තුළුවරු මෙන් වෙස් වළාගත් වංචනික සේවකයෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්