ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගලාති 2:11 - Sinhala New Revised Version 2018

පේදුරු අන්තියෝකියට ආ විට ඔහු වරදක් කර තිබුණ බැවින් මම එළිපිට ම ඔහුට විරුද්ධ වීමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පේදුරු අන්තියෝකියට ආ විට ඔහු වරදක් කර තිබුණ බැවින් මම එළිපිට ම ඔහුට විරුද්ධ වීමි.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

කේපස්, අන්තියෝකිය වෙත ආ කල, ඔහු වරද කර සිටියෙන්, මම ඔහුගේ මුහුණටම විරෝධය පෑමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද කේපස් අන්තියෝකියට ආ කල, ඔහු වරද කරලා සිටි බැවින් ඔහු ඉදිරිපිටදීම ඔහුට විරුද්ධව සිටියෙමි.

පරිච්ඡේදය බලන්න



ගලාති 2:11
31 හුවමාරු යොමු  

ඒ නිසා, නුඹ ධෛර්යවත් වී ගොස් මා නුඹට අණ කරන සියල්ල ඔවුන්ට කියන්න. ඔවුන් ඉදිරියෙහි දී මා නුඹ නොකලඹන පිණිස දැන් ඔවුන් ගැන නොකැළඹී සිටින්න.


එහෙත්, ජෝනා සමිඳාණන් වහන්සේ මඟ හැර පලා යන පිණිස තර්ෂිෂ්ට යන්නට පිටත් විය. ඒ සඳහා ඔහු ජොප්පාවට ගියේ ය. එහි දී ඔහුට තර්ෂිෂ්ට යන නැවක් හමු වී, ඊට ගාස්තුව ගෙවා සමිඳාණන් වහන්සේ වෙතින් පලා යන පිණිස තර්ෂිෂ් බලා යන නැවකට නැඟුණේ ය.


එවිට දෙවියන් වහන්සේ, “ලබු වැල ගැන කෝප වීමට නුඹට යුතු දැ”යි ජෝනාගෙන් ඇසූ සේක. “මැරෙන තරම් කෝප වීම මට යුතු ය”යි ඔහු කීවේ ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි මගේ ශුද්ධ බල මහිමය පිළිගන්නා තරමට නුඹලා මා කෙරෙහි විශ්වාසය නොතැබූ බැවින්, මා මේ සෙනඟට දීමට පොරොන්දු වූ දේශයට නුඹලා ඔවුන් ගෙන නොයන්නහු ය”යි වදාළ සේක.


එහෙත්, උන් වහන්සේ හැරී, පේදුරුට කතා කොට, “සාතන්, අහකට යව; නුඹ මට බාධාවකි; නුඹ සිතන්නේ මිනිසුන් සිතන විධියට මිස දෙවියන් වහන්සේ සිතන විධියට නොවේ ය”යි වදාළ සේක.


ඔහු ජේසුස් වහන්සේ වෙත සීමොන් කැඳවාගෙන ආවේ ය. ජේසුස් වහන්සේ ඔහු දෙස බලා, “ඔබ ජොහන්ගේ පුත් සීමොන් ය; ඔබට ‘කේපස්’ යයි කියනු ඇතැ”යි වදාළ සේක. (‘කේපස්’ යන්නෙහි අර්ථය ‘පර්වතය’ යනු යි.)


ස්තේපන් නිසා හටගත් පීඩාව කරණකොටගෙන විසුරුවනු ලැබූ අය, ජුදෙව්වරුන්ට මිස අන් කිසිවෙකුට දහම ප්‍රකාශ නොකොට, පිනීසිය ද සයිප්‍රසය ද අන්තියෝකිය ද දක්වා ගමන් කළහ.


එහෙත් ඔවුන් අතරෙන් සයිප්‍රසයේ ද සිරේනියේ ද වැසියන් වූ සමහරෙක් අන්තියෝකියට පැමිණ, ග්‍රීකයනටත් කතා කරමින්, ජේසුස් ස්වාමීන් වහන්සේ පිළිබඳ සුබ අස්න ප්‍රකාශ කළහ.


ඔවුන් පිළිබඳ පුවත ජෙරුසලමේ සභාවට සැළ විය. එවිට ඔව්හු බාර්ණබස් අන්තියෝකියට යැවූ හ.


ඒ දවස්වල දී ජෙරුසලමෙන් දිවැසිවරු අන්තියෝකියට පැමිණියාහ.


ජුදයෙන් සමහර දෙනෙක් අවුත්, “මෝසෙස්ගෙන් පැවත එන සිරිත ලෙස ඔබ චර්මඡේදනය කරනු නොලැබුවහොත් ඔබට ගැළවීම ලැබිය නොහැකි ය”යි සහෝදරයන්ට ඉගැන්වූ හ.


එවිට පරිසිවරුන්ගේ කණ්ඩායමට අයත් ඇදහිලිවතුන් සමහරෙක් නැඟිට, “චර්මඡේදනය කරන්නටත් මෝසෙස්ගේ ව්‍යවස්ථාව පිළිපදින්නටත් ඔවුන්ට නියම කළ යුතු ය”යි කී හ.


එහෙත් ඔබ මහ ඉහළින් සලකන ඔය අපෝස්තුළුවරුන්ට වඩා මම කිසිසේත් පහත් යයි නොසිතමි.


මා අනුවණයෙකු මෙන් කතා කළ බව ඇත්ත ය. එයට වගකිව යුත්තේ ඔබ ම ය. ඔබ කළ යුතු ව තිබුණේ මා ගැන සාක්ෂි දැරීම ය. මා නිකමෙකු වුවත්, මම කිසිසේත් ඔය උත්කෘෂ්ට අපෝස්තුළුවරුන්ට දෙ වන තත්ත්වයේ නොවෙමි.


මෙතැන් සිට අපි කිසිවෙකු ලෞකික මිම්මෙන් නොමනිමු. ලෞකික වශයෙන් අප ක්‍රිස්තුන් වහන්සේ දැන හැඳින සිටියත්, මෙතැන් සිට අපි උන් වහන්සේ එලෙස හඳුනා නොගනිමු.


පේදුරු හමු වීමට මා ජෙරුසලමට ගියේ තෙවසකට පසුව ය. ඔහු සමඟ පසළොස් දිනක් ගත කෙළෙමි.


එහෙත් ඔවුන්ගේ හැසිරීම සුබ අස්නේ සත්‍යයට පටහැනි බව දුටු මම මුළු සමූහයා ඉදිරියේ පේදුරුට මෙසේ කීවෙමි. “ඔබ ජුදෙව්වරයෙකු වන නමුත්, ජුදෙව්වරයෙකු සේ නොව, විජාතිකයෙකු සේ ජීවත් වූවෙහි ය. එසේ නම් විජාතීන් ජුදෙව්වරුන් සේ ජීවත් විය යුතු යයි ඔබ ඔවුන්ට බල කරන්නේ කෙසේ ද?”


සුබ අස්නේ සත්‍යතාව ඔබ උදෙසා පවිත්‍ර ව තබාගන්නා පිණිස, මොහොතක් වත් අපි ඔවුන්ට යටත් නොවීමු.


අනෙක් අතට, චර්මඡේදනය ලත් අයට සුබ අස්න දේශනා කිරීම පේදුරුට භාරවූවාක් මෙන්, චර්මඡේදනය නොලත් අයට එය දේශනා කිරීම මට භාර කරන ලද බව ඔව්හු පිළිගත්හ.


මේ සේවය මට භාර දුන් බව පිළිගත් සභා නායකයන් වන ජාකොබ්, පේදුරු සහ ජොහන් අතට අත දී බාර්ණබස් ද මා ද පංගුකාරකමට පිළිගෙන, විජාතීන් වෙත අප ද ජුදෙව්වන් වෙත ඔවුන් ද යා යුතු යයි තීරණය කළහ.


අන් අය භය වන පිණිස පව් කරන්නන්ට සියල්ලන් ඉදිරියෙහි තරවටු කරන්න.


අපි සියල්ලෝ ම බොහෝ විට වරදට වැටෙමු. යමෙක් වචනයෙන් වරදක් නොකරන්නේ නම්, ඔහු මුළු ශරීරය දමනය කරගන්නට සමත්, සර්ව සම්පූර්ණ මනුෂ්‍යයෙකි.


ප්‍රේමවන්තයෙනි, අපගේ පොදු ගැළවීම ගැන ඔබ වෙත ලියා එවීමට බොහෝ ප්‍රයත්න දැරුවෙමි. එහෙත් සදහට ම එක වරක් සැදැහැවතුන්ට බාර දුන් ඇදහිල්ල උදෙසා උද්‍යෝගිමත් ව සටන් කරන ලෙස අවවාද කරමින් ඔබ වෙත ලියා එවීම මට අවශ්‍ය වී ඇත.