යළිත් ඔව්හු දෙ වන මාසයේ දහහතර වන දා පාස්කු බැටළුවන් මැරූ හ. පූජකයෝ ද ලෙවීවරු ද ලජ්ජාවට පැමිණ තුමූ ම පවිත්‍ර වී, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට දවන යාග පූජා ගෙනාවෝ ය.
ගණන් කථාව 9:3 - Sinhala New Revised Version 2018 “මේ මාසයේ දහහතර වන දින සවස ඔවුන් එය නියමිත වේලාවට ඊට සම්බන්ධ සියලු ම නීති නියෝග අනුව සිදු කළ යුතු ය”යි වදාළ සේක. Sinhala New Revised Version “මේ මාසයේ දහහතර වන දින සවස ඔවුන් එය නියමිත වේලාවට ඊට සම්බන්ධ සියලු ම නීති නියෝග අනුව සිදු කළ යුතු ය”යි වදාළ සේක. Sinhala Revised Old Version ඊට නියම කාලය වන මේ මස දසසතරවෙනි දින සවස් වරුවේ ඒක පවත්වන්න. ඒකේ සියලු පනත්ද ඒකේ සියලු නියෝගද ප්‍රකාර ඒක පවත්වන්නැයි කීසේක. |
යළිත් ඔව්හු දෙ වන මාසයේ දහහතර වන දා පාස්කු බැටළුවන් මැරූ හ. පූජකයෝ ද ලෙවීවරු ද ලජ්ජාවට පැමිණ තුමූ ම පවිත්‍ර වී, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට දවන යාග පූජා ගෙනාවෝ ය.
සෑහෙන පමණ පූජකයන් පවිත්‍ර නොවූ නිසාත්, සෙනඟ ජෙරුසලමට රැස් නොවූ නිසාත්, නියම කාලයට පාස්කු මංගල්‍යය පවත්වන්න නොහැකි ව,
ජොෂියා ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේට පාස්කු මංගල්‍යයක් පැවැත්වී ය. ඔව්හු පළමු වන මාසයේ දහහතර වන දා පාස්කු බැටළු පැටවුන් මැරූ හ.
“සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පවත්වන පාස්කුව අරඹනුයේ පළමු වන මාසයේ දහහතර වන දින සවස ය.
එසේ නොවූයේ නම්, ලෝකය මැවීමේ පටන් නොයෙක් වර, උන් වහන්සේට වද වේදනා විඳීම අවශ්‍ය වනු ඇත. එහෙත් උන් වහන්සේ තමන් ම පූජා කිරීමෙන් පාපය දුරු කරන පිණිස මේ යුගාන්තයේ දී සදහට ම එක වරක් ප්‍රකාශ වූ සේක.