Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 9:3 - Sinhala Revised Old Version

3 ඊට නියම කාලය වන මේ මස දසසතරවෙනි දින සවස් වරුවේ ඒක පවත්වන්න. ඒකේ සියලු පනත්ද ඒකේ සියලු නියෝගද ප්‍රකාර ඒක පවත්වන්නැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 “මේ මාසයේ දහහතර වන දින සවස ඔවුන් එය නියමිත වේලාවට ඊට සම්බන්ධ සියලු ම නීති නියෝග අනුව සිදු කළ යුතු ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 “මේ මාසයේ දහහතර වන දින සවස ඔවුන් එය නියමිත වේලාවට ඊට සම්බන්ධ සියලු ම නීති නියෝග අනුව සිදු කළ යුතු ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 9:3
10 හුවමාරු යොමු  

එසේ ඇතුල්වෙන්ට නම් උන්වහන්සේ ලෝකයේ මැවීමේ පටන් නොයෙක්වර වධවිඳින්ට ඕනෑව තිබුණේය. නුමුත් තමන්ම පූජාකිරීම කරණකොටගෙන පාපය පහකරන පිණිස උන්වහන්සේ කාලයන්ගේ කෙළවරදී එක වරක් ප්‍රකාශවූසේක.


යළිත් ඔව්හු දෙවෙනි මාසයේ දහහතරවෙනිදා පාස්කු බැටළුපැටවුන් මැරුවෝය. පූජකයෝද ලෙවීවරුද ලජ්ජාවට පැමිණ, තුමූම පවිත්‍රවී, ස්වාමීන්වහන්සේගේ ගෘහයට දවන පූජා ගෙනාවෝය.


සෑහෙන පමණ පූජකයන් පවිත්‍රනොවූ නිසාත්, සෙනඟ යෙරුසලමට රැස්නූණ නිසාත්, නියම කාලයට පාස්කුව පවත්වන්ට නොහැකිව,


පළමුවෙනි මස දස සතරවෙනි දින සවස ස්වාමීන්වහන්සේගේ පාස්කුව වේ.


තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ නියම කාලයෙහි පාස්කුව පවත්වත්වා.


මෝසෙස්ද පාස්කුව පවත්වන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීවේය.


යොෂියා යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේට පාස්කු මංගල්‍යයක් පැවැත්තුවේය. ඔව්හු පළමුවෙනි මාසයේ දහහතරවෙනිදා පාස්කු බැටළුපැටවුන් මැරුවෝය.


ස්වාමීන්වහන්සේ මිසර දේශයේදී මෝසෙස් සහ ආරොන්ට කථාකොට:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්