තවද, මුළු ඉශ්රායෙල් ජනතාව සීන් නමැති පාළුකරයෙන් නික්ම සමිඳාණන් වහන්සේගේ අණ පරිදි කඳවුරින් කඳවුරට ගොස් රෙපිඩීම් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ. එහෙත්, එහි සෙනඟට බීමට වතුර නො වී ය.
ගණන් කථාව 9:18 - Sinhala New Revised Version 2018 මෙලෙස ඔව්හු සමිඳාණන් වහන්සේගේ අණ පරිදි යන්නට පිටත් වූ හ; සමිඳාණන් වහන්සේගේ අණ පරිදි කූඩාරම් ගැසූ හ. වලාකුළ සම්මුඛ මණ්ඩපය වසා සිටි මුළු කාලය තුළ ම ඔව්හු තම තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ. Sinhala New Revised Version මෙලෙස ඔව්හු සමිඳාණන් වහන්සේගේ අණ පරිදි යන්නට පිටත් වූ හ; සමිඳාණන් වහන්සේගේ අණ පරිදි කූඩාරම් ගැසූ හ. වලාකුළ සම්මුඛ මණ්ඩපය වසා සිටි මුළු කාලය තුළ ම ඔව්හු තම තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කළෝය, ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ඔව්හු කූඩාරම් ගසාගත්තෝය. වලාකුළ මණ්ඩපය පිට නැවතී තිබුණු මුළු කාලයෙහි ඔව්හු තමුන්ගේ කූඩාරම්වල සිටියෝය. |
තවද, මුළු ඉශ්රායෙල් ජනතාව සීන් නමැති පාළුකරයෙන් නික්ම සමිඳාණන් වහන්සේගේ අණ පරිදි කඳවුරින් කඳවුරට ගොස් රෙපිඩීම් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ. එහෙත්, එහි සෙනඟට බීමට වතුර නො වී ය.
නිතර ම එලෙස විය. දවල් කාලයේ දී මණ්ඩපය වලාකුළකින් වැසිණි. රාත්‍රි කාලයේ දී එහි ගින්න වැනි පෙනුමක් තිබිණි.
බොහෝ දවසක් වලාකුළ මණ්ඩපය වසාගෙන සිටි විට ද ඔව්හු සමිඳාණන් වහන්සේගේ අණට කීකරු ව ඉදිරියට ගමන් නොකළහ.
මෙලෙස වලාකුළ මණ්ඩපය මත දින ස්වල්පයක් තිබූ විට සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ. සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු යන්නට ද පිටත් වූ හ.
සහෝදරවරුනි, අපේ පියවරුන්ට කුමක් වී දැ යි ඔබට මතක් කර දීමට මම කැමැත්තෙමි. ඔව්හු සියල්ලෝ ම වලාකුළක මඟ පෙන්වීම ලැබූ හ. ඔව්හු සියල්ලෝ ම රතු මුහුදින් එතෙර වූ හ.
මේ ප්‍රේමය නම්, උන් වහන්සේගේ ආඥා අනුව ජීවත් වීම ය. ආඥාව නම්, පටන්ගැන්මේ සිට ඔබ ඇසූ ලෙස ප්‍රේමයෙන් ජීවත් වීම ය.