මෙසේ උන් වහන්සේ සත් වන දවසට ආසිරි පතා එය ශුද්ධ දවසක් ලෙස වෙන් කර වදාළ සේක. එසේ කෙළේ ඒ දවසේ උන් වහන්සේ සිය මැවීමේ කාර්යය නිමවා, වැඩ නතර කළ හෙයිනි.
ගණන් කථාව 7:1 - Sinhala New Revised Version 2018 මෝසෙස් මණ්ඩපය සම්පූර්ණයෙන් ම ඉදි කොට අවසාන කළ දවසේ, එය ආලේප කොට කැප කෙළේ ය. එහි බඩු භාණ්ඩ වන පූජාසනය ද බඳුන් සියල්ල ද ආලේප කොට කැප කෙළේ ය. Sinhala New Revised Version මෝසෙස් මණ්ඩපය සම්පූර්ණයෙන් ම ඉදි කොට අවසාන කළ දවසේ, එය ආලේප කොට කැප කෙළේ ය. එහි බඩු භාණ්ඩ වන පූජාසනය ද බඳුන් සියල්ල ද ආලේප කොට කැප කෙළේ ය. Sinhala Revised Old Version තවද මෝසෙස් මණ්ඩපය පිහිටුවීම නිමවා ඒක ආලේපකොට ඒක විශුද්ධ කොට ඒකේ සියලු බඩුත් පූජාසනය හා ඒකේ සියලු භාජනත් ආලේපකොට ඒවා, විශුද්ධකළ දවසේදී, |
මෙසේ උන් වහන්සේ සත් වන දවසට ආසිරි පතා එය ශුද්ධ දවසක් ලෙස වෙන් කර වදාළ සේක. එසේ කෙළේ ඒ දවසේ උන් වහන්සේ සිය මැවීමේ කාර්යය නිමවා, වැඩ නතර කළ හෙයිනි.
එම දවසේ රජ තෙම සමිඳාණන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට තිබෙන මළුවේ ඇතුළු කොටස විශුද්ධ කෙළේ ය. මන්ද, ඔහු දවන යාග පූජාව ද ආහාර පූජාව ද සහභාගිකමේ පූජාවල තෙල් ද එහි ඔප්පු කළ බැවිනි. එසේ කෙළේ, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබෙන ලෝකඩ පූජාසනය දවන යාග පූජාව ද ආහාර පූජාව ද සහභාගිකමේ පූජාවල තෙල් ද දැරීමට ඉඩ මදි වූ නිසා ය.
“ඉශ්රායෙල් ජනයා අතර මවු කුසෙන් බිහි වන සියලු කුලුඳුලන් මට කැප කරන්න; මනුෂ්‍යයන් අතර වේ වා, මෘගයන් අතර වේ වා, එවැන්නන් මට අයිති ය”යි වදාළ සේක.
නුඹ දිනපතා ම පාප සඳහා ඒවාට සමාව ලබාගැනීම පිණිස ගව නාම්බෙකු බැගින් පූජා කළ යුතු ය. පව් කමාව සඳහා යාගයක් ඔප්පු කිරීමෙන් නුඹ පූජාසනයේ පාප දුරු කරන්නෙහි ය. ඉන්පසු එය විශුද්ධ කිරීම සඳහා ආලේප කළ යුතු ය.
“ඉශ්රායෙල් ජනයා අමතා ඔවුන්ගේ පිය පෙළපත් අනුව, ගෝත්‍රවල මූලිකයන් එක් එක්කෙනාගෙන් එක බැගින්, සැරයටි දොළසක් ඔවුන්ගෙන් ගෙන නුඹ ඒවායේ එක් එක්කෙනාගේ නම් සටහන් කරන්න.
පූජාසනය ආලේප කොට එය කැප කරන දවසේ දී ප්‍රජා මූලිකයෝ තම තමන්ගේ පඬුරු පූජාසනය වෙත ඔප්පු කළහ.
පූජාසනය ආලේප කොට කැප කරනු ලැබූ දිනයෙහි ඉශ්රායෙල්හි මූලිකයන් විසින් ගෙනෙන ලද බඩු භාණ්ඩ මේවා ය. එනම්, රිදී බඳුන් දොළසකි, රිදී තැටි දොළසකි, රන් පාත්‍ර දොළසකි.
සහභාගිකමේ පූජාව සඳහා ගොන් වස්සෝ විසිහතරකි, බැටළු වස්සෝ හැටකි, එළුවෝ හැටකි, අවුරුද්දක් වයසැති බැටළු පැටවු හැටකි. පූජාසනය ආලේප කොට කැප කළ දිනයෙහි පුදන ලද්දේ ඉහත දැක්වූ ඒවා ය.