Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 7:1 - Sinhala New Revised Version

1 මෝසෙස් මණ්ඩපය සම්පූර්ණයෙන් ම ඉදි කොට අවසාන කළ දවසේ, එය ආලේප කොට කැප කෙළේ ය. එහි බඩු භාණ්ඩ වන පූජාසනය ද බඳුන් සියල්ල ද ආලේප කොට කැප කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 මෝසෙස් මණ්ඩපය සම්පූර්ණයෙන් ම ඉදි කොට අවසාන කළ දවසේ, එය ආලේප කොට කැප කෙළේ ය. එහි බඩු භාණ්ඩ වන පූජාසනය ද බඳුන් සියල්ල ද ආලේප කොට කැප කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 තවද මෝසෙස් මණ්ඩපය පිහිටුවීම නිමවා ඒක ආලේපකොට ඒක විශුද්ධ කොට ඒකේ සියලු බඩුත් පූජාසනය හා ඒකේ සියලු භාජනත් ආලේපකොට ඒවා, විශුද්ධකළ දවසේදී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 7:1
15 හුවමාරු යොමු  

පූජාසනය ආලේප කොට කැප කරනු ලැබූ දිනයෙහි ඉශ්රායෙල්හි මූලිකයන් විසින් ගෙනෙන ලද බඩු භාණ්ඩ මේවා ය. එනම්, රිදී බඳුන් දොළසකි, රිදී තැටි දොළසකි, රන් පාත්‍ර දොළසකි.


අන්ධයෙනි, වඩා උතුම් කොයි එක ද? පඬුරු ද, පඬුර විශුද්ධ කරන පූජාසනය ද?


එම දවසේ රජ තෙම සමිඳාණන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට තිබෙන මළුවේ ඇතුළු කොටස විශුද්ධ කෙළේ ය. මන්ද, ඔහු දවන යාග පූජාව ද ආහාර පූජාව ද සහභාගිකමේ පූජාවල තෙල් ද එහි ඔප්පු කළ බැවිනි. එසේ කෙළේ, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබෙන ලෝකඩ පූජාසනය දවන යාග පූජාව ද ආහාර පූජාව ද සහභාගිකමේ පූජාවල තෙල් ද දැරීමට ඉඩ මදි වූ නිසා ය.


සහභාගිකමේ පූජාව සඳහා ගොන් වස්සෝ විසිහතරකි, බැටළු වස්සෝ හැටකි, එළුවෝ හැටකි, අවුරුද්දක් වයසැති බැටළු පැටවු හැටකි. පූජාසනය ආලේප කොට කැප කළ දිනයෙහි පුදන ලද්දේ ඉහත දැක්වූ ඒවා ය.


“ඉශ්රායෙල් ජනයා අතර මවු කුසෙන් බිහි වන සියලු කුලුඳුලන් මට කැප කරන්න; මනුෂ්‍යයන් අතර වේ වා, මෘගයන් අතර වේ වා, එවැන්නන් මට අයිති ය”යි වදාළ සේක.


මෙසේ උන් වහන්සේ සත් වන දවසට ආසිරි පතා එය ශුද්ධ දවසක් ලෙස වෙන් කර වදාළ සේක. එසේ කෙළේ ඒ දවසේ උන් වහන්සේ සිය මැවීමේ කාර්යය නිමවා, වැඩ නතර කළ හෙයිනි.


පූජාසනය ආලේප කොට එය කැප කරන දවසේ දී ප්‍රජා මූලිකයෝ තම තමන්ගේ පඬුරු පූජාසනය වෙත ඔප්පු කළහ.


නුඹ දිනපතා ම පාප සඳහා ඒවාට සමාව ලබාගැනීම පිණිස ගව නාම්බෙකු බැගින් පූජා කළ යුතු ය. පව් කමාව සඳහා යාගයක් ඔප්පු කිරීමෙන් නුඹ පූජාසනයේ පාප දුරු කරන්නෙහි ය. ඉන්පසු එය විශුද්ධ කිරීම සඳහා ආලේප කළ යුතු ය.


වතුර භාජනයත්, එහි අඩියත් ආලේප කොට එය කැප කළ යුතු වේ.


“ඉශ්රායෙල් ජනයා අමතා ඔවුන්ගේ පිය පෙළපත් අනුව, ගෝත්‍රවල මූලිකයන් එක් එක්කෙනාගෙන් එක බැගින්, සැරයටි දොළසක් ඔවුන්ගෙන් ගෙන නුඹ ඒවායේ එක් එක්කෙනාගේ නම් සටහන් කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්